World

අමෙරිකාව සමග යුද්ධයකට යන්න රුසියාව ඉරානයට සහාය පළ කරයි

ඇමෙරිකාවට සහාය දක්නමින්, ඉරානය සමඟ යුද්ධයකට පැටලීමට තමන් පසුබට නොවන බව උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානය පැවැසීමත් සමඟ රුසියාව පවසා ඇත්තේ තමන්ගේ සහාය ඉරානයට හිමිවන බවය.

ඒ අනුව, ඉරානය මුල්කොට ගනිමින් යුද්ධයක් නිර්මාණය වුවහොත් එය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යෑමේ අවදානමක් පවතින බවට ජගත් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

රුසියාව නේටෝ සාමාජිකයකු නොවේ. නේටෝ සංවිධානය පිහිටුවා ගැනීමට හේතුව වූයේ රුසියාවය. ඉරානය සහ රුසියාව අතරේ යහපත් සබඳතා පවතී. සිරියාවේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී සිරියානු රජයට සහාය දක්වන්ාන් ද රුසියාවය. ඒ, ඉරානය සමඟ එක් වෙමිනි.

ඉරාන හමුදා ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානී ඇමෙරිකන් ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාරයෙන් මියගිය අවස්ථාවේදී, රුසියාව ඉරාන වැසියන්ට සොව පළ කළේය. සුලෙයිමානි ඉරාන ජනතාව වෙනුවෙන් කැපවුණු සැබෑ දේශප්‍රේමියකු යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.

Related posts

දින දෙකක් තිස්සේ වාහන දහසකට වැඩි ප්‍රමාණයක් අධිවේගී මාර්ගයක සිරවෙයි

colombotoday

ෆේස්බුක්, වට්සැප් බිඳ වැටීමෙන් ට්විටර් වාර්තාවක් තියයි | සමාජ ජාලා බිඳ වැටීමට හේතුව එළියට

colombotoday

ඊජිප්තුව සහ රුසියාව අතර ගුවන් ගමන් රුසියාව නවතාදමයි

colombotoday

ඊජිප්තුවටත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

දෙවන ලෝක යුධ සමරුවේ, රුසියානු යුධ බලය පෙන්වයි

colombotoday

චීන රජයෙන් හලාල්කරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

colombotoday