World

අමෙරිකා හමුදා සාමාජිකයින් 59,000කට කොවිඩ්

අමෙරිකා හමුදා සාමාජිකයින් 59,000ක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පෙන්ටගනය වාර්තා කරයි.

ඉන් 9 දෙනෙකු මියගොස් ඇති බව ද වාර්තා වේ.

අමෙරිකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයින් මිලියන 1.3ක් සක්‍රීය සේවයේ සිටී.

එරට ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් පසුගිය මස පැවසුවේ කොරෝනා වෛරසය ආසාදනය වී මියගොස් ඇත්තේ එක් හමුදා සාමාජිකයෙක් පමණක් බවය.

මේ අතර එරටින් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (04)දින වාර්තා වී තිබේ.

ඊයේ දිනය තුළ එරටින් නව ආසාදිතයින් 108,389 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

ඒ අනුව අමෙරිකාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 9,801,355ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත කොවිඩ් මරණ ගණන 239,829 කි.

Related posts

‘මරණයේ නගරයෙන්‘ ට්‍රම්ප්ට ලිපියක් !

colombotoday

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ හැට දෙක ඉක්මවයි

colombotoday

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday

යුක්‍රේනයේ නගර රැසකට පහර දුන් රුසියාවේ දිගුදුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ කරයි

Admin

ගිනියාවේ රාජ්‍ය බලය හමුදාව අතට

colombotoday