Colombo Today Local NewsHot NewsUncategorized

අයවැය දා මහ රෑ විශේෂ ගැසට් නිවේදනයක්… කොටි හිතවාදී සංවිධාන 17ක් පුද්ගලයන් 424ක තහනම සංශෝධනය කරලා

ct diaspora ltteකොටි හිතවාදී සංවිධාන සහ පුද්ගලයන් පිරිසකට මෙරටට ඒම තහනම් කරමින් පසුගිය රාජපක්ෂ රජය විසින් නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් ඊයේ (20) රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව 2014 මාර්තු 21 දින නිකුත් කර තිබූ අදාල 1854/41 දරන ගැසට් නිවේදනයෙන් තහනම් කර තිබූ කොටි හිතවාදී සංවිධාන 17ක. පුද්ගලයන් 424 දෙනෙකුගේ තහනම නව ගැසට් නිවේදනය හරහා සංශෝධනය කර ඇත.

ඊයේ නිකුත්කළ ගැසට් නිවේදනය මෙතනින් බලන්න

ජනධිපතිවරයාගේ ලන්ඩන් සංචාරය අතරතුරදී රජයේ අමත්‍යවරුන් ඇතුළු නියෝජිත පිරිසක් ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානීන් හමුවී ඔවුන්ට ලංකාවේ පනවා ඇති තහනම ඉවත් කරන බව ප්‍රකාශ කර තිබේ. මේ බව එහි ප්‍රධානී එස්.ජේ. එම්මැනුවෙල් පූජකයා විසින් ස්විස්ටර්ලන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබූ අතර නුදුරේදීම තමන් ලංකාවට පැමිණීමට නියමිත බවද ප්‍රකාශ කර තිබිනි.

 

Related posts

ජාතික ගීය දෙමළෙන් ගයා, කිසිම රාජ්‍ය නායකයෙකුට නොතිබූ කොන්දක් තමන්ට ඇතිබව ජනපති පෙන්වූවා – මුස්තාෆා

colombotoday

අයවැය ප්‍රකාශය : ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලය යටතේ වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200ක්

Admin

මිල අඩු වූ පරිප්පු සහ සීනි මිල ගණන් මෙන්න

Admin

කිරිපිටි ආනයන සමාගම්වල තර්ජනවලට බිය වී අසීමිත බදු සහන ලබාදීම – ආචාර්ය ගුණදාස අමරසේකර ජනපතිට ලියයි

colombotoday

වැලිසර මාරක රිය අනතුර සිදු කළ 16 හැවිරිදි පාසල් සිසුවා සහ පියා රිමාන්ඩ්

colombotoday

එන්නත නොගත් පෞද්ගලික බස් සේවකයන්ට අගෝස්තු 15න් පසු රැකියා නෑ

colombotoday