Colombo Today Local News

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම් එල්ල වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 483කට හානි සිදුව ඇති බවය.

කුරුණැගල, රත්නපුර, කොළඹ, කළුතර, ගම්පහ, කෑගල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම තද සුළං තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග රැසක් ද අවහිර වී ඇති බව ඒ මහතා වැඩිදුරයත් පවසයි.

Related posts

අධිකරණ නියෝගයක් නොමැතිව මිනී ගොඩ දාලා. – දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්.

colombotoday

ගල්නෑව නෑගම සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට වහබ්වාදීන්ගෙන් දිගින් දිගටම කරදර

colombotoday

යුද අපරාධ ලැයිස්තුවේ නම් 48ක් තිබූ බව ඇමැති රාජිත පිළිගනී.

colombotoday

නුවරඑළියේ නිරෝධායන මද්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු මිය යයි

colombotoday

වුණේ පුංචි අත්වැරැද්දක්, නීති කැඩුවෙත් නෑ, යහපාලනේ නිසා උසාවි ගෙනිච්චා – විමල් ගැන ගම්මන්පිල කී කතාව.

colombotoday

ගලක් මත සිටි තරුණියක් තිදෙනෙක් මුහුදු රළකට හසුවී ගසාගෙන යයි

Admin