Colombo Today Local News

අයහපත පලවා හැර යහපත කැන්දන, හින්දු බැතිමතුන් අඳුරින් ආලෝකයට පැමිණීම සමරන දීපාවලි උත්සවය අදයි

deepawaliවිෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් සමරණ දීපවාදී උත්සවය අදට යෙදී තිබේ. තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියළු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් කළ ඉල්ලීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ, ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිකරගෙන ය.

ලෝකය යහපත් තැනක් බවට පත් කිරීම සදහා මානව ශිෂ්ඨාචාරයේ ඈත යුගයන්හිදී පවා මිනිසා තුළ පෙළඹීමක් තිබූ බව දීපවාදී උත්සවය තුළින් පෙන්නුම් කරන බවත්, ලෝකයේ අයහපත පලවා හැර යහපත කැදවීම සංඛේතවත් කිරීම දීපවාලී උත්සවයෙන් පෙන්නුම් කරන බවත්, පහන් වැටක් දැල්වීම තුළින් බිහි වන ආලෝකය අඳුර පලවා හරිනවා සේ, දීපවාලියේ ආලෝකය සියලූ මිනිස් සිත් ආලෝකමත් කරමින් සාමුහික සංහිදියාව ඇති කිරීම කාගේත් පොදු ප්‍රාර්ථනාව වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දීපවාලී සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටි.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද දීපවාලී සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ නපුර පරදවා යහපත ජය ගැනීම සංකේතවත් කරමින් ලොව පුරා හින්දු බැතිමතුන් අද (10) දින දීපවාලී උත්සවය සමරන බවයි. මමත්වය, තණ්හාව, ඊර්ෂ්‍යාව වැනි අකුසල් සිතුවිලිවලින් ඉවත් වී යහපත උදාකර ගත හැකි බව හින්දු ධාර්මික විශ්වාසයයි. ඒ අනුව එය හින්දු බැතිමතුන් පමණක් සමස්ත ජනතාවටම ආදර්ශයක් සපයන ආගමික උත්සවයක් බවයි අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මිනිස් වර්ගයාගේ සදාකාලික අභිලාශය නම්, දුෂ්ඨ බව පරදවා යහගුණය ජයග්‍රහණය කිරීම ද අඳුර පලවා හැර ආලෝකය පතුරුවාලීම ද මෝහය පරදවා දැනුමේ ජයග්‍රහණය සහතික කරලීම ද දීපාවලියේ තේමාව බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් සිය දීපවාලී සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා. යහපාලන ආණ්ඩුවක් මෙරට ස්ථාපිත කර ඇති බැවින් මිනිස් වර්ගයාගේ අභිලාශයන් වඩාත් ඵලදායී ලෙස ඉටු කර ගැනීමේ හැකියාව දැන් පෙරටත් වඩා පවතින බවයි එම නිවේදනයේ පෙන්වා දෙන්නේ.

Related posts

18 හැවිරිදි සිසුවකු පැදවූ වෑන් රථය පී.සී හප්පා නතර කර ගනී

Admin

රාජකාරියේ සිටි ඇමැති ආරක්ෂක නාන කතක් විඩියෝ කරලා

Admin

“වැට් බද්ද වැඩි කළොත් බස් ගාස්තුවත් නග්ගනවා” – ගැමුණු විජේරත්න

colombotoday

ශ්‍රේණි කිහිපයක පාසල් පැවැත්වෙන වේලාවේ වෙනසක්

colombotoday

මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම් – ඇමති සරත් වීරසේකර

colombotoday

20 සංශෝධනය – කමිටුවේ වාර්තාව අගමැතිට

colombotoday