Colombo Today Local News

අරාබියේ සංචාරයකට ජනපතිට ආරාධනා !

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට එරට ඔටුන්න හිමි ෂේක් මොහොමඞ් බින් සයීඞ් අල් නහ්යන් කුමරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ආරධනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

එම ආරධනාව පිළිගනිමින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ එම සංචාරය දෙරට අතර අදහස් හුවමාරුකර ගැනීමට හා පොදු අභිලාෂයන් පිළිබදව සාකච්ඡා කිරීමට මහඟු අවස්ථාවක් වනු ඇති බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙරට ජනාධිපතිධූරයට පත්වීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරුන් සිය සුභ පැතුම්ද ජනාධිපතිවරයාට පිරිනැමූ බවද එම නිවේදනයේ සදහන්වේ.   

Related posts

ජනපතිවරණ හංස පක්ෂයේ සභාපති විදුලියත් හොරට අරන් !

colombotoday

සුළු වැරදිවලට හා ඇප තැබීමට නොහැකිව බන්ධනාගාරයේ සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්න ජනාධිපතිගෙන් උපදෙස්

colombotoday

මැනිං වෙළෙඳුන් ආරම්භ කල උපවාසය අවසන්

colombotoday

“සුළු ජාතීන්ට මුහුණ පෑමට සිදුව තිබෙන තත්ත්වය ගැන මෝදි සමඟ සාකච්ඡා කරනවා” – සුමන්තිරන්

colombotoday

සත්ව පාලනය සහ කිරි නිෂ්පාදනය ගැන ඉන්දියාව සමග ඒකාබද්ධ ගිවිසුමක්

Admin

අටලුගම ජනතාව අත්තනෝමතිකව හැසිරෙනවා නම් තවත් දිගු කලක් හුදෙකලා වේවි – යුද හමුදාපති

colombotoday