Colombo Today Local News

අල්ලස් ගත් නාකොටික් නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

රුපියල් 25,000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාවනැල්ල මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරියා ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25)දින නියෝග කළාය.

රිමාන්ඩ් භාරයට පත්කර සිටි මෙම සැකකරු අද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව සැකකරු ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.

මාවනැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් 25,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම නිලධාරියා අත්අඩංගුට ගෙන තිබුණි.

Related posts

දිස්ත්‍රික් මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට

colombotoday

ගෙවුණු පැය 24 තුළ 351 ක්. අවරුදු පොකුරේ නිරෝධායන නීති අනුගමනය නොකළ 7000ක් අත්අඩංගුවට.

colombotoday

මුතුරාජවෙල කසළ අංගනයේ ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් තවදුරටත්..

colombotoday

මෙදා මහේ වී අලෙවියට නෙට් එකෙන් සෙට් වෙන්නැයි රජය ගොවි මහතුන්ට කියයි !

colombotoday

අයවැයට එරෙහිව ගොවි හමුදාවක් ලිප්ටන් වටරවුමෙන් වීදි බසී

colombotoday

මෝටර් රථයක් පාපැදියක ගැටී අයෙක් මියයයි

Admin