Colombo Today Local News

අලියා පිට නැගී යන ආර්.සම්බන්ධන්ට හා සුමන්තිරන්ට අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධය

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (09) දින වවුනියාවේ විරෝධතාවයක් පැවැත්විය.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණේ වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිටදීය.

විරෝධතාවයේ නිරත වූ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කියා සිටියේ අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා අරඹන ලද සත්‍යග්‍රහයට මේ වනවිට දින 719 ක් ඊයේ(09) දිනට ගෙවුනද අතුරුදහන්වුවන්ගේ ගැටලුව වෙනුවෙන් විසඳුමක් ලබාදීමට සම්බන්ධන් හා සුමන්තිරන් කිසිදු පියවරක් නොගෙන මේ දිනවල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රැකීමේ උත්සාහයක නිරතව සිටින බවටය.

එමෙන්ම තමන්ගේ ඡන්දයෙන් බලයට පත්වූ සම්බන්ධන් හා සුමන්තිරන් ජනතාවගේ ගැටලු පසෙකලා බලය පසුපස පමණක් හඹා යන බවටත් එමගින් දෙමළ ජනතාව තැබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩවී ඇති අතරම ඔවුන් දෙමළ ජනතාවද බිල්ලට තබමින් සිටින බවටය.

අතුරුදහන් වූවන්ගේ ගැටලුව වෙනුවෙන් රජය සමග සාකච්ඡා කිරීමට අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියද ඒ වෙනුවෙන් ආර්. සම්බන්ධන් හෝ සුමන්තිරන් මන්ත්‍රීවරයා කිසිදු පියවරක් නොගැනීම නිසා තමන්ගේ ගැටලුව වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත විසඳුමක් ලබාදිය යුතු බවට තමන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීම් කොට ඇති බවයි.

Related posts

පොලිස් නිලධාරීන් 20 දෙනෙක් සයිබර් අපරාධ පිළිබඳ විශේෂිත පුහුණුවකට ඉන්දියාවට

Admin

පුහුණුව ලැබූ තවුහීද් ජමාද් ත්‍රස්‌තයෝ 160 ක්‌ රට පුරා – මුලින්ම හෙළි වුණේ වනාතවිල්ලූවේ ත‍්‍රස්ත පුහුණු කඳවුර වැටලීමෙන්.!

colombotoday

කොට්ඨාස ක්‍රමය ඉතාමත් දෝෂ සහගතයි. වව්නියාව බලය අහිමිවීමෙන් පසු සුමන්තිරන් කියයි

colombotoday

ආනයනික කිරිපිටි මිල පහළට

Admin

කාබනික පොහොර උපදේශකයෝ ටික ගොවි බිමක්වත් දැකලා නැති පිරිසක් | සිංහල රාවය

colombotoday

අරක්කු, සිගරට් මිළ ඉහළට, අලුත් වාහනවලට අලුත් බද්දක්, 5 වැනිදා ගේන අයවැයෙන් වෙන්න යන දේවල් මෙන්න

colombotoday