Colombo Today Local News

අස්ගිරි නාහිමියෝ ජිනීවා අධිකරණයට

මුස්ලිම් ජනතාවට එරෙහිව ප‍්‍රකාශයක් කළේ යැයි චෝදනා කරමින් අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ සිරි ක්‍ඳාණරතන ස්වාමීන් වහන්සේට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය වෙත මෙරට ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් පැමිණිලි කර ඇත.

කොළඹ මල් පාරේ පිහිටි විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ලට අනුව මානව හිමිකම් කොමසාරිස්වරිය 41 වැනි මානව හිමිකම් සමුළුව අමතමින් ප‍්‍රකාශ කර ඇත්තේ සමහර ආගමික නායකයන් කර ඇති ප‍්‍රචණ්ඩත්වය ඇති විය හැකි ප‍්‍රකාශ සම්බන්ධව සොයා බැලිය යුතු බවය.

අස්ගිරි මහනාහිමියන්ගේ ප‍්‍රකාශය සම්බන්ධව විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මෙහෙයවන පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් පසුගියදා පොලිසියට ද පැමිණිලි කර තිබිණි.

Related posts

කථානායක හා පක්ෂ නායකයන් රැස්වෙයි… අද පාර්ලිමේන්තු කටයුතු ගැන තීරණයක් ගනී…

colombotoday

නීතිඥවරියගේ නිවසට ගල් ගසා නිරුවත පෙන්වු පුද්ගලයාට වුණ දේ

colombotoday

හදපානාගල ගංජා හේනක් පොලිසිය වටලයි

colombotoday

මාතලේ පොළ වසා දමයි

colombotoday

අතුරුදන් වූවන් සොයන පනත සම්මත වීම විශාල ජයක්.. නෝවේ අගමැතිණිය TNA ට කියයි

colombotoday

ශුද්ධ වූ වස්තුන් සියල්ල කෙලෙසා දැමිය යුතුමය – කිර්ති දුනුවිල

colombotoday