Colombo Today Local News

අළුගෝසු තනතුර කාටද ? දෙවන දිනටත් සම්මුඛ පරීක්ෂණ අවසන්

අළුගෝසු තනතුරට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දෙවන දිනටත් අද පැවැත්වුනා.

ඊයේ දිනයේදී එම සම්මුඛ පරීක්ෂණ ආරම්භ වූ අතර ඒ සඳහා 39 දෙනෙකු සඳහා කැඳවා තිබූ නමුත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය හමුවට පැමිණ ඇත්තේ ඉන් 19 දෙනෙකු පමණක් බවයි වාර්තා වන්නේ

ඒ අතර උපාධිධාරීයෙකු ද, 20 හැවිරිදි තරුණයෙකු ද සිටි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ.

සම්මුඛ පරීක්ෂණය අද දිනයේදී ද පැවැති අතර ඒ සඳහා අපේක්ෂකයන් 40 දෙනෙකු කැඳවා තිබුනා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කලේ සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි බොහෝ දෙනාගේ අරමුණ වී ඇත්තේ රට වෙනුවෙන් සේවය කිරීම බවයි.

ඒ හේතුවෙන් මෙම තනතුර සඳහා ඉල්ලු‍ම් කළ බවයි සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි බොහෝ දෙනෙකු පවසා ඇත්තේ.

අළුගෝසු තනතුර සඳහා පුරප්පාඩු දෙකක් පවතින අතර ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම හේතුවෙන් මෙම පුරප්පාඩු පිරවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරනු ලැබුවා.

Related posts

කොටි ගුවන් හමුදාවේ නියෝජ්‍ය නායකයා නඩු නැතිවම නිදහස්

colombotoday

“නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට..

Admin

දේශීය කිරි පැකට්ටුවක මිල ඉහළට

colombotoday

“ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම්“ සිර කුටියේ උපවාසය ගැන විමල් කතානායකට ලියූ ලිපිය

colombotoday

සා.පෙළ අසමත් වූ ලක්ෂයක් රාජ්‍ය සේවයට

colombotoday

ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

Admin