Colombo Today Local News

ආගමික ගැටුම් අවුලන්න ඇමරිකාවේ සිට එවූ ලිපි තොගයක් මධ්‍යම තැපෑලේදී අත්අඩංගුවට…

බෞද්ධ හා කතෝලික ආගමිකයින් අතර ගැටුම් ඇති කිරීම සඳහා බුද්ධාගමට අපහාස ප්‍රකාශ සඳහන් ලිපි ගනනාවක් කොටුව මධ්‍යම තැපැල් හුවමාරුවේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ හා මීගමුව ප්‍රදේශවල විහාරස්ථාන රැසක ලිපිනවලට යොමු කර තිබූ මෙම ලිපි ඇමරිකාවේ නිවුයෝක් සිට එවා තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

මේ ආකාරයේ ලිපි 21 එකක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කියා සිටී.

ලිපි විවෘත කර බැලූ පසු එම ලිපි එවන පුද්ගලයාගේ කිසිදු ඇඟිලි සලකුණක් හෝ සටහන්ව නොතිබීම විශේෂත්වයක් බව ද ඒවා එවූ අය ඒ තරම් සූක්ෂම වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කැපෙයි

colombotoday

තිලිණි ප්‍රියමාලි අධිකරණ නියෝග මත ස්ථාන පරික්ෂාවකට රැගෙන යයි

colombotoday

දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීම ජනපති භාරගනී

colombotoday

සයිනොපෙක් පෙට්‍රල් ඩීසල් රුපියල් 3ක් අඩුවෙන් දෙයි

Admin

ෆෙඩරල් ව්‍යවස්ථාව පරදන්න චම්පික, විමල්, ගම්මන්පිල එකම වේදිකාවකට !

colombotoday

ඇඳිරි නීතිය ඉවත් කළහොත් විදුලි කප්පාදුව පැය 5 ක් දක්වා ඉහළට

colombotoday