Colombo Today Local News

ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් පල්ලියක තිබී අත්අඩංගුවට…

 ගාල්ල  දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ  මුස්ලිම් දේවස්ථානයක තිබී ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සහ ආරක්ෂක හමුදා එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දේවස්ථානයේ භාණ්ඩාගාරිකවරයා සහ තවත් පුද්ගලයෙකි.

මෙම දේවස්ථානය තව්හිත් ජමාත් සංවිධානයට අයත් ප්‍රධාන දේවස්ථානයක් වන අතර මෙම තැටිවල අන්තවාදී ආගමික දේශන ඇතුළත්ව තිබේදැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

සැකකරුවන් අද(28) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

එජාපයෙන් නෙරපු සාමාජිකයින් 105 දෙනා මෙන්න

colombotoday

තැපෑල අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

Admin

සහල් හොරෙක් හෙරොයිනුත් එක්ක මාට්ටු

colombotoday

වසර 3ක් සිරගෙට නියම වූ සරණ ඇප මත නිදහස් වෙයි !

colombotoday

දැන්වත් පොදු ජනතාවට සේවය කිරීමට කාලය යොදවන්න – නාමල්ගෙන් මංගලට උපදෙසක්

colombotoday

කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර.

colombotoday