Colombo Today Local NewsTop Stories

ආදාහනයට විරුද්ධව අහිංසක කතෝලිකයන් බිලි දීමේ අන්තවාදී වෑයමක්

කෝවිඩ් 19 රෝගයෙන් මිය යන්නන්ගේ දේහයන් ආදාහනය කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉස්ලාම් අන්තවාදී බලවේග විසින් සිදු කරමින් පවතින ආරවුලට නව මානයක් එක් කරමින් මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇත. SC/FR/103/2020 යන අංකයෙන් ලේඛණගත නීතීඥ ගෞරි තවරාසා මහත්මිය මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ තමන් භක්තිමත් රෝමානු කතෝලිකයෙකු බව සදහන් කර ඇති හිටිහාමිලාගේ හේරත් නැමැත්තෙකි.

මෙම පෙත්සම මගින් දේහයක නැවත උත්ඨානය කතෝලික විශ්වාස පද්ධතියේ කොටසක් වන බවටත් දේහයක් ආදාහනය කිරීම තුළින් එකී විශ්වාසයට පහර වැදෙන බවටත් සදහන් කරමින් කතෝලිකයන්ගේ දේහයන් ආදාහනය කිරීම තුළින් ස්වකීය ආගම ඇදහීමේ ව්‍යස්ථාවෙන් සුරක්ෂිත අයිතියට පහර වැදෙන බවත් සදහන් කර ඇත.

දේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් මේ තාක් කවර හෝ විරෝධයක් කතෝලික ජනතාවගේ පාර්ශවයෙන් එල්ල නොවී ඇති පසු බිමක ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමෙහි සදහන් කාරණා කතෝලික දහමෙහි හර පද්ධතීන්ට ගැලපෙන්නේද යන්න පිළිබද ඇතිවූ බලවත් සැකය මත Colombo Today වෙබ් අඩවිය මේ පිළිබද සොයා බැලීමක නිරත විය.

ඒ අනුව අනාවරණය වූයේ රෝමානු කතෝලික පල්ලිය තුළ දේහයන් ආදාහනය සම්බන්ධ විවිධ මතවාද පැවැතියද ඒ සියල්ල නිරාකරණය කරමින් 1963 වර්ෂයේදී එවකට සිටි පාප් වහන්සේ විසින් දේහයන් භූමදානය කිරීම සාමාන්‍ය තත්වය වුව ද, දේහයන් ආදාහනය කිරීම ද කතෝලික දහම හා පටහැනි නොවන බව දක්වමින් නියමයක් නිකුත් කර ඇත. 1966 වර්ෂය වන විට ආදාහන අවස්ථාවන්හිදී පූජකවරුවන්ට ආගමික කටයුතු ඉටු කිරීමට අවශ්‍ය කාර්ය පටිපාටිය වතිකානුව විසින් නිකුත් කර ඇත. මේ තත්වයෙන් තවත් ඉදිරියට යමින් 2016 වර්ෂයේදී වතිකානුව විසින් ආදාහනයෙන් ඉතිරිවන අලු තැන්පත් කළ යුතු ආකාරයන් පිළිබදව පවා නියාමනයන් ඉදිරිපත් කරනු ලැබ ඇත. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේගේ මග පෙන්වීම යටතේ වතිකානුව විසින් කතොලික විශ්වාස පද්ධතිය සම්පිණ්ඩනය කරමින් සම්පාදනය කරන ලද Catechismus Catholicae Ecclesiae සංග්‍රහයෙහි ද පැහැදිලිවම ආදාහනයට රෝමානු කතෝලික පල්ලියේ විරෝධතාවයක් නොපවතින බවට දක්වා ඇත.

මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ මාධ්‍ය අංශය වෙතින් අප කල විමසීමකදීද කතෝලික පල්ලියට දේහ ආදහනය සම්බන්ධ කවර හෝ විරෝධයක් නොමැති බවට නිශ්චිතව සදහන් කරන ලදී.

මේ අනුව රෝමානු කතෝලික ආගම හා ආගමික සංස්ථාව තුළ හදිසි ආපදා තත්වයකදී පමණක් නොව සාමාන්‍ය අවස්ථාවකදී පවා දේහයන් ආදාහනය සම්බන්ධ කවර හෝ විරෝධයක් නොමැති බව පැහැදිලිව පෙනී යන කරුණකි. ආදාහනය සම්බන්ධයෙන් දක්වා ඇති මෙම නම්‍යශීලී ස්ථාවරය ජේසුස් වහන්සේ බදු උතුම් මානවවාදියෙකු මුල්කොට ආගමක් වන රෝමානු කතෝලික දහම නූතන තත්වයන්ට ගැලපෙන පරිදි නම්‍යශීලී වෙමින් යන ගමනේ තවත් එක් ලකුණක් බව බෞද්ධ අපගේ අදහසයි.

කරුණු මෙසේ තිබියද තමන් රෝමානු කතෝලිකයෙකු බව විශේෂයෙන්ම සදහන් කරමින් හිටිහාමිලාගේ හේරත් නැමැත්තෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි පිටුපස සිටින්නේ නූතන ඉතිහාසය පුරා ඉතා වගකීම් සහගත ලෙස කටයුතු කර ඇති මෙරට කතෝලික ජනතාව නොව කවර හෝ නම්‍යශීලීබවකට සූදානම් නොමැති ඉස්ලාම් අන්තවාදී බලවේග බව ඉතාම පැහැදිලිව පෙනී යන කරුණකි. විශේෂයෙන් ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ප්‍රහාරය හේතුවෙන් බරපතළ පීඩාවන්ට ලක්වූ කතෝලික ජනතාව ඉස්ලාම් අන්තවාදී බලවේගයන්ගේම නරුම අව්‍යශතා වෙනුවෙන් මෙයාකාරයට දඩමීමා කරගැනීම ඉතාම කණගාටුදායක කරුණකි. මෙම කටයුත්ත තමන්ගේ අන්තවාදී ආගමික අරමුණු ඉටුකර ගැනීමට පමණක් නොව පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාම් අන්තවාදයට මෙරට ඇති වී ඇති බලවත් විරෝධයෙහි දිශානතිය කතෝලික ජනතාව දෙසට හැරවීමේ ඉස්ලාම් අන්තවාදී බලවේගයන්ගේ නින්දිත එහෙත් අසාර්ථක උත්සාහයක් බව ද අප පවසා සිටිමු.

Related posts

යුරෝපයට, ඇමරිකාවට කළ අපනයන අඩු වෙලා.. ඇඟලුම් අපනයන ආදායම පහළ බසී

colombotoday

මාලිගාවත්ත, ඕකීට් රෙසිඩන්සි මහල් නිවාස සංකීර්ණයේ ගෙවල් 100ක වතුර කපලා

Admin

රිෂාඩ්ගේ බිරිද, මාමණ්ඩි,මස්සිනා සහ තැරැව්කරු අද අධිකරණයට

colombotoday

රට විවෘත කිරීම සඳහා වන නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

colombotoday

ගෝඨාගේ දේශපාලන සම්ප්‍රාප්තිය අද

colombotoday

අන්තවාදීන් රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයට රිංගා ඇතැයි නාහිමිවරු 12 නමක් ජනාධිපතිට කියති.

colombotoday