Business

ආයෝජකයෝ රට හැර යති – තිස්ස විතාරණ

කැබිනට් මණ්ඩලයේ ඉහළ පවතින හැල හැප්පීම් මතභේද හා පරස්පරයන් මෙන්ම මහබැංකු අධිපති හා මුදල් ඇමති අතර ඇති හැප්පීම් නිසා ආයෝජකයින් මේ රට අතහරින ස්වභාවයක් ඇතැයි ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා කියයි.

ඉකුත් වසර තුළ රටට පැමිණ ඇත්තේ ඩොලර් මිලියන 300 ක ආයෝජන පමණක් වන බවත් මෙරට ස්ථාපිත කර තිබු ඩොලර් මිලියන 2000 කට අධික වටිනාකමක් ඇති විදේශ ආයෝජන රට හැර ගොස් ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

මේ වන විට ප්‍රධාන පෙළේ බැංකු සියල්ල අස්ථාවර තත්ත්වයක පවතින බව ෆිච් රේටින් සංවිධානය සඳහන් කර ඇතැයි ඒ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පක්ෂ මුළස්ථානයේ දී ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

යුරෝපයට, ඇමරිකාවට කළ අපනයන අඩු වෙලා.. ඇඟලුම් අපනයන ආදායම පහළ බසී

colombotoday

කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ වැඩිම පහත වැටීම අද

colombotoday

ජපානයේ විශාලතම වාණිජ බැංකුව ලංකාවේ මෙහෙයුම් අරඹයි

colombotoday

ඩොලරයක විකුණුම් මිල රු. 200.90යි

colombotoday

කොටස් වෙළඳපොළ ගනුදෙනු තාවකාලිකව නවතී

colombotoday

Mars චොකලට්වල ප්ලාස්ටික්.. කන්න එපා.. රටවල් 52කින් ආපසු කැදවයි

colombotoday