Colombo Today Local News

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලික වාසාදැමූ බව හලාවත පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

හලාවත – සහ ආරච්චිකට්ටුව ප්‍රදේශ වලින් තවත් කොරෝනා ආසාධිතයින් 07 දෙනෙකු හදුනා ගෙන බැවින් මෙම පියවර ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

මෙම හදුනා ගෙන ඇති කොරෝනා ආසාධිතයින් අතර ආරච්චිකට්ටුව පොලීසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුද වේ.

ආරච්චිකට්ටුව පොලීසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ස්වයං නීරෝධායනයට යොමු කර තිබී ඇත.
මොවුන් දෙදෙනා හලාවත – මැදවත්ත ප්‍රදේශයෙන් හමුවී ඇති ආසාධිතයෙකුගේ සමීපතයින් ලෙස හදුනා ගෙන ඇත.

එසේ නිරෝධායනයට ලක් කර සිටි එක් නිලධාරියෙකු කොරෝනා ආසාධිතයෙකු බවට හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

මේ හේතුවෙන් වසා දමා ලද ආරච්චිකට්ටුව පොලීසය නල්දරන්කට්ටුව ප්‍රජා ශාලාවේ තාවකාලිකව ස්ථාපනය කිරීමට තීරණය කර ඇත.

Related posts

“ඩොලර්වලින් යැපෙන NGO කාරයෝ මේ රට විනාශ කරන්න හදනවා“ – අධිකරණ ඇමති

colombotoday

අතුරුදන් ලයිස්තුවේ සිටි හිටපු කොටි ප්‍රබලයා ස්විස්ටර්ලන්තයේදී මිය යයි

colombotoday

අස්වැසුම අභියාචනා සලකා බැලීම අවසන්

Admin

“දූෂණ චූදිත සජින් වාස්ටත් ප්‍රභූ ආරක්ෂාව දීලා.. වෙනසට කැපවූ අය දැන් කළකිරිලා” – ඇමති රංජිත්

colombotoday

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹෙයි

colombotoday

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි

colombotoday