Colombo Today Local News

ඇමතිකම් වැඩිකරගැනීමේ සටන අතනාරී… ජාතික ආණ්ඩු යෝජනාව නැවතත් මැතිසබයට…

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ යෝජනාව යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ඒ අනුව කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේයෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අදාළ යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කර ඇති අතර,20 වැනිදා ඉදිරිපත් කරනු ලබන යෝජනා සහ දිනට නියමිත කටයුතු යටතේ පෙළ ගස්වා තිබේ.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව තනිපක්ෂයක ආණ්ඩුවක ඇමති මණ්ඩලයේ  මුළු ඇමතිවරුන් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතු අතර, කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාවේ එකතුව හතළිහ නොඉක්මවිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.

එහෙත් පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී ඇමති මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 48 නොඉක්මවිය යුතු බවද එහි සඳහන් වේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ඇති පක්‍ෂය වශයෙන් එක්සත් ජාතික පක්‍ෂය විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව පවසමින් සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් කැබිනට් ඇමතිවරුන් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

7 වැනිදාට පෙර තවත් දේශපාලන පෙරළියක්…

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත 123ක් අත්අඩංගුවට

colombotoday

එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 90 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

colombotoday

මැති ඇමතිලාට වාහන ගැනීම කල් දැම්මා… ගංවතුරෙන් පසුව ගන්නවා

colombotoday

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ යුද සැමරුම් ස්මාරකය කඩලා

colombotoday

සමූපකාරවල මුදල් තැන්පත් කළ ජනතාවට දේපලක් විකුණා හෝ මුදල් ආපසු ලබා දෙනබවට පොරොන්දුවක්

colombotoday