Colombo Today Local News

ඇමතිලා පැටව් ගහලා… මූලික අයිතිවාසිකම් කඩලා… නීතීඥයෙක් ජනපතිට එරෙහිව නඩු දමයි!

mpsආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව වැඩිපුර අමාත්‍යවරුන් පත් කිරීමෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතිඥයෙකු විසින් මූලික අයිතවාසිකම් පෙත්සමක් ගොණු කර ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට මාර්තු 15 වැනිදා කැදවන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය අද (17) නියෙයා්ග කළේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46.1(අ) වගන්තිය අනුව ජාතික ආණුඩවක අමාත්‍ය මණ්ඩලයක සිටිය යුතු අමාත්‍යවරුන් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතු බව දැක්වේ. නමුත් ඊට පටහැනිව අමාත්‍යවරුන් පත් කර ඇතැයිද එයින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පෙත්සම්කරු කියා සිටී.  මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු ව්‍යවස්ථාවට පටහැනිව අමාත්‍යවරුන් පත්කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ,ජනාධිපති තම මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද සිය පෙත්සමින් ඉල්ලා සිටී.

ජනාධිපති ජාතික ආණ්ඩුවේ ප‍්‍රධානියා හැටියට පත්වී ඇති නමුත් විධිමත් ලෙස ජාතික ආණ්ඩුව ස්ථාපිත වී නොමැති බව පෙත්සම්කරු කියා සිටී.

හඳපාන්ගොඩ නීතීඥ අරුණ ලක්සිරි මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති. ඊවා වනසුන්දර, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැදවිණි.

Related posts

පාසල් වෙලාවේදී ටියුෂන් පන්ති තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

වැල්ලම්පිටිය වෙඩිතැබීමේ වෙඩික්කරු පලා යද්දී අල්ලයි

Admin

ගලවා ඉවත්කළ පුනරීන් කඳවුර වෙනත් තැනක ඉදිකිරීමත් ටී.එන්.ඒ. විරෝධයෙන් නවතී

colombotoday

දුමින්ද සිල්වා නැවත බන්ධනාගාරගත කෙරේ

colombotoday

ලංවිම කෝටි 20000ක ණය උගුලක

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday