Colombo Today Local News

ඇමති කුඩ්ඩන් 24කගේ නම් ලයිස්තුවක් CIDයට…

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ තොරතුරු තමන් කතානායකවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (18) පැවසීය.

කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද කොකේන් ආදී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ කාර්ය මණ්ඩල සඟයන් මෙන්ම මෙරට ඉහළ රැකියා කරන ඇතැමුන්ද එම මත්ද්‍රව්‍ය භාවිත කරන බව සඳහන් කළේය. පරීක්ෂණවලට බාධාවක් නිසා තමන් එම නම් හෙළි නොකරන බව ද රන්ජන් රාමනායක මහතා පැවසීය.

රන්ජන් රාමනායක මහතා මේ බව පැවසුවේ මාදිවෙල පිහිටි සිය මන්ත්‍රී  නිල නිවසේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් ඇමතිවරුන් සිටින බවට රන්ජන් රාමනායක මහතා මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර ඒ පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
 
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය  වර්ග 11ක් භාවිතා කරන්නේද යන්න පරීක්ෂා කිරීමේ රුධිර පරීක්ෂණයක් පෞද්ගලිකව කිරීමට වැයවන්නේ රුපියල් 4200ක් බව කී රාජ්‍ය  අමාත්යරවරයා කඩිනමින් තමාගේ රුධිර පරීක්වක් කර කතානායකවරයාට භාරදෙන බව ද කීවේය. තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අවශ්‍යම සෙසු මන්ත්‍රීවරුන් සිටී නම් ඔවුන්ට ද රුධිර වාර්තාවක් ලබාදිය හැකි බව කී රන්ජන් රාමනායක මහතා එය අභියෝගයක් නොවන බව ද සඳහන් කළේය. 

වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බව කියන, පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුනක් නියෝජනය කරන පක්ෂ නායකයෙක්ද කොකේන් භාවිත කරන ඇමතිවරු අතර සිටින බව කී රන්ජන් රාමනායක මහතා මීගමුව ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරයෙක් මත්ද්‍රව්‍ ජාවාරමේ නිරත බවට ද තොරතුරු ලැබී ඇතැයි ප්‍රකාශ කළේය.

දේශපාලකයින් මෙන්ම ආගමික පූජකවරුන්ද මෙම මත්ද්‍රව්‍ය භාව කරන බවට තොරතුරු තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මාතලේ, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන දේශපාලනඥයින් තිදෙනෙකු එතනෝල් ජාවාරමට සම්බන්ධ බවටත්, මත් පෙති වර්ග ගෙන්වන ඇමති පුතුන් සිටින බවටත් තොරතුරු තිබෙන බව ද හෙතෙම කීවේය.

එක්සත් ජාතික පක්ෂ්ය නියෝජනය කරන්නන් අතර ද මත්ද්‍රව්‍ය  ලෝලීන් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් ඇමතිධූර හරහා කුඩු ව්‍යාපාර කර කොළඹින් තට්ටු නිවාස ගෙන සිටින අයත් සිටින බව කී රන්ජන් රාමනායක මහතා තමන්ට මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් විශ්වාස කළ හැක්කේ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර් ලතීෆ්, අපරාධ පරීක්ෂාණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශානි අබේසේකර මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකු පමණක් බවද කීවේය.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය දුටු විට ඔවුන් කුමන හෝ මත්ද්‍රව්‍යයක් ගෙන ඇත්ද යන සැකය තමාටත් ඇතිවූ බව කතානායකවරයා තමන්ට පැවසූ බව ද රාමනායක මහතා ප්‍රකාශ කළේය.

කොකේන් මෙතරම් පැතිරීමට දේශපාලනඥයන්ගේ ඍජු සම්බන්ධයක් තිබිය යුතුය බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කරන විමර්ෂණ වෙනුවෙන් මෙන්ම මත්ද්‍රව්‍ය පාලනය සඳහා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට තමන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බව ද කීවේය.

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක මහතා ද පාර්ලිමේන්තුවේ කුඩු ගහන මැති ඇමතිවරුන් සිටින බව සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබූ බව හෙතෙම වැඩිදුරටත් කීවේය.

ඩුබායිහි සිටින විශේෂ නියෝජිතයෙක් බව කියන අයෙකුට මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා දුරකථන ඇමතුමක් ගත් අතර එහිදී එම පුද්ගලයා දුරකථනය ඔස්සේ පැවසුවේ මාකඳුරේ මධුෂ් ඇතුළු ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයින්ට 2020 අගෝස්තු වන තුරු පොදු සමාවක් හෝ නොලැබෙනු ඇති බවයි. ඔවුන් වරදක් කර ඇත්නම් පොදු සමාවක් මගින් පිටුවහල් කිරීම පවා සිදුවන්නේ 2020 අගෝස්තු මස රාමදාන් සමයේදී බව ද එම නියෝජිතයා දුරකථනය ඔස්සේ පැවසීය.

මධුෂ් ඩුබායි වෙත ගොස් ඇත්තේ ‘අජිත්’ යන්න මුලට යෙදෙන නමකින් ශ්‍රී ලංකාවෙන් නිකුත් කළ ගුවන් ගමන් බලපත්‍රයකින් නිසා ඔහු පිටුවහල් කළ යුත්තේ ශ්‍රී ලංකාවට බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවට ආයුධ ගෙන ආ බවට රන්ජන් රාමනායක මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු පැවසුවේ තමන් ඕනෑම තැනකට යන්නේ ආරක්ව සම්බන්ධයෙන් සන්නද්ධව බවයි.

Related posts

මරික්කාර් කිලී ගේ කණෙන් රිංගයි.. සිරස හොම්බෙන් යයි.. ජනප්‍රිය තරු පෝළිමේ එළියට !

colombotoday

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය24ක ජල කප්පාදුවක්

Admin

පාස්කු කොමිසමෙන් හිටපු ජනපති ,රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට අපරාධ නඩු පවරන්නැයි නිර්දේශ

colombotoday

ජනපති නතරකළ ටැබ් ව්‍යාපෘතිය නැවතත් සූදානම්…

colombotoday

බිරිඳව ගෙදර තියලා ක්‍රිකට් ගහන්න… තිසර-මාලිංග බිරින්දෑවරුන්ගේ හටන ගැන ක්‍රීඩා ඇමති කී කතාව

colombotoday

ඩිෆෙන්ඩර් නඩුවට ගිය හිරුණිකාට ඇප.. විමල්ගේ අයියා යළි රිමාන්ඩ්

colombotoday