ArticlesColombo Today Local News

ඇමති මණ්ඩලය විසින් සිදුකරන්න යන දේශද්‍රෝහි ක්‍රියාවක් මෙන්න

ගරුතර ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ ද සියලුම ආගමික පූජකතුමන්ලා ඇතුළු සකල 

ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ද අවධානය පිණිසයි…!

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජනතා පරමාධිපත්‍ය හා  භෞමික අඛන්ඩතාවය අහෝසි වන ආකාරයෙන් ඇමරිකානු රජයට ශ්‍රී ලංකාව තුළ හමුදාවන් ස්ථාපිත කිරීම හා කඳවුරු පිහිටුවීමට ඉඩ සලසා දෙන ගිවිසුම් කීපයකට, මහජනතාවට හා පාර්ලිමේන්තුවට සත්‍ය කරුණු හා සැබෑ අරමුණු වසන්කර, දැනටමත් ඇතුලත්ව හා තවත් ගිවිසුම් වලට ඇතුලත් වීමට  මෙම රජය ප්‍රමුඛ ඇමති මණ්ඩලය විසින් දේශද්‍රෝහි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා පටහැනිව ක්‍රියාත්මක වෙමින් සිටී. 

එකී නීති විරෝධී ගිවිසුම් මගින්,

  •  ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු හමුදාවන් ස්ථානගත කොට කඳවුරු ඇති කිරීම.
  • සියලුම ඇමරිකානු  නම් කළහමුදාවන්ට මෙරටට පැමිණ තානාපති මුක්තිය හා වරප්‍රසාද  සහිතව ඕනෑම ස්ථානයකට සීමා වලින් තොරව ඇතුළුවීමට හා ක්‍රියා කිරීමට ඉඩ සැලැස්වීම.
  • ඇමෙරිකානු හමුදාවන් හා ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන්ට ශ්‍රී ලංකා නීතිය අදාළ නොවීම හා ඔවුන් සිදු කරන නීති විරෝධී හා සාපරාධී ක්‍රියාවන් සඳහා  හා සිවිල් වැරදි සම්බන්ධයෙන් ඇමරිකානු නීතිය අදාල වීම.
  • සිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව ශ්‍රී ලංකාව තුල විදුලි සංදේශ පද්ධතියක් ඔවුන්ට අවශ්‍ය පරිදි භාවිතා කිරීමට ඉඩ සලසා දීම.
  • ඇමරිකානු හා ශ්‍රී ලංකා රජයත් එකිනෙකාගේ හමුදාවන්ට ඒවායේ දේපළවලට හා සිවිල් නිලධාරීන්ට හමුදාව ක්‍රියාවලියන්ට සිදුවන හානි, පාඩු, විනාශයන් සම්බන්ධයෙන් ද තුවාල හා ජීවිත හානි සම්බන්ධයෙන් ද වගකීම් හා හිමිකම් පෑම් වලට ඇති අයිතීන් ප්‍රකාශිතවම අත්හැරීම.
  • හමුදා ස්ථානගත කිරීමේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව තුළට පැමිණෙන සිවිල් නිලධාරීන් හා ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන් ඕනෑම භාණ්ඩයක් හා සේවාවක් ආනයනය හා අපනයනය කළ හැකි වීම හා ඔවුන්, තීරු බදු ද ඇතුළත්ව මෙරට සියලුම බදු වලින් නිදහස් වීම.
  • ඇමෙරිකානු රජයේ හා ප්‍රාන්ත වල වෘත්තීය බලපත්‍ර හා රියදුරු බලපත්‍ර යනාදිය ශ්‍රී ලංකාව තුළ වලංගු බලපත්‍ර ලෙස පිළිගත යුතු වීම.
  • ඇමරිකානු හමුදාවන්ට ද  සිවිල් නිලධාරීන් හා කොන්ත්‍රාත් කරුවන්ට ද මෙරට වරායවල්,  ගුවන්තොටුපල ඇතුළු සියලු පහසුකම් මුදල් හෝ බදු ගෙවීමකින් තොරව අප හමුදාවන්ගේ ගෙවන ගාස්තුවක් ඇති නම් එය පමණක් ගෙවීමට යටත් ව පරිහරණය කළ හැකි වීම.
  • ඇමෙරිකානු ගුවන් යානා හා නාවුක යාත්‍රා වලට මෙරටට අවශ්‍ය විටෙක පැමිණිය හැකි වීම හා ඒවා සියලු ගාස්තු ගෙවීම් වලින් හා පරීක්ෂා කිරීම් වලින් නිදහස් වීම.
  • ත්‍රිකුණාමලය  වරාය හා කොළඹ වරාය එකිනෙකට යා කර කිලෝ මීටර් දෙසීයක් පමණ දිග විශේෂ ආර්ථික කොරිඩෝවක් ඇති කිරීම.
  • එම විශේෂ ආර්ථික කොරිඩෝවට ඉඩම් අක්කර ලක්ෂ 12ක්   ත්‍රිකුණාමලය වරායේ සිට කන්තලේ, හබරණ, පොලොන්නරුව, දඹුල්ල, මාතලේ,   කුරුණෑගල, කෑගල්ල, ්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කොට ගනිමින් අත්පත් කරගැනීම.
  • එකී ආර්ථික කොරිඩෝව ජනවාර්ගික ගැටලු ඇති වූ නගර දක්වා පුළුල් කළ හැකිවීම.

ඉහත අරමුණු ඉටුකර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් පහත ගිවිසුම් වලට ශ්‍රී ලංකා රජය දැනටමත් ඇතුළත්ව හා ඇතුළුවීම සඳහා කෙටුම්පත් සකස් කර ඇත.

  • Status of forces agreement (SOFA – හමුදාවක් ස්ථානගත කිරීමේ ගිවිසුම) 
  • Acquisition and Cross Servicing agreement (ACSA – අත්පත් කරගැනීමේ හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම)
  • Millennium challenge corporation compact (MCC – සහස්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම)

එයින් ACSA නැමැති 2007 වසරේ සිට වසර 10ක් දක්වා වලංගුව පැවති පිටු හතකින් යුතු වූ ගිවිසුම 2017 අගෝස්තු මාසයේ දී ඇමරිකාවට දැඩි ලෙස වාසි වන පරිදි අලුත් කර නව වගන්තින් හා ඇමුණුම් 50ක් පමණ ඇතුළත් කොට පිටු අසූවක් පමණ වනසේ සකසා දැනටමත් අ ත්සන් තබා ඇති අතර, ඉහත කී හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම(SAFA)  සහ “සහස්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම” නම් ගිවිසුම කෙටුම්පත් මහජනතාව නිසි දැනුවත් කිරීමකින් තොරව පහසු ඉරිදා ඇති වූ ප්‍රහාරය කූට ලෙස වාසියට යොදා ගෙන අත්සන් කිරීමට සැලසුම් කර ඇත.

ඉහත කී සහස්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුමේ 2009.3.22 දිනැති කෙටුම්පත අනුව ඉහත කී ඇමරිකානු අරමුණු ඉටු කර ගැනීමට පහත සඳහන් වන තුනක කෙටුම්පත් ඉදිරිපත් කර ඇත. 

  1.  ඉඩම්(  විශේෂ විධි විධාන)  පනත

මෙම  පනත මගින් රජයේ ඔප්පු හා බලපත්‍රලාභි හිඟ ඉඩම් වලට කොන්දේසි විරහිතව පූර්ණ අයිතියක් ලබා දෙමින් ඒ තුළින් ඉහත සඳහන් ආර්ථික කොරිඩෝව තුළ ඇති ඉඩම් මිලදී ගැනීම හෝ බදු ගැනීමට ඉඩ සලසා දීම.

   (2)  රජයේ ඉඩම් බැංකු පනත

ඉහත සඳහන් ආර්ථික කොරිඩෝ තුලට වැටෙන රජයේ හා රජයේ සියලු ආයතන සතු ඉඩම් මැන හඳුනාගෙන සහ අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම තුළින් රජයට සමාන බලය ඇතිව පිහිටුවන ලබන MCA – Sri Lanka නමැති පුද්ගලික සමාගමකට එම ඉඩම් නතු කර එම සමාගම මගින් සිය කූට අරමුණු ඵල ගැන්වෙන පරිදි රජයේ ඉඩම් දීර්ඝකාලීන බද්දට ලබා දීම.

   (3) ප්‍රතිත්‍රස්ත පනත

ඉහත සඳහන් ඇමෙරිකානු මැදිහත් වීම සම්බන්ධයෙන් පැන නගින ජනතා උද්ඝෝෂණ හා විරෝධතා වන් වලදි ශ්‍රී ලාංකිකයන් ත්‍රස්තවාදීන් සේ සලකා මෙල්ල කිරීමට අවශ්‍ය නීතිමය රාමුව නිර්මාණය කරදීම.

ඉහත සඳහන් ගිවිසුම් හා පණ තුළින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති   ස්වෛරිත්වය හා ජනතා පරමාධිපත්‍යයනැවත ආපසු හැරවීමට නොහැකි වන ආකාරයේ පාවාදීමක් හා පැහැර ගැනීමක් සිදු වන අතර,  ශ්‍රී ලංකා මාතෘභුමිය තුළ අප නීතියට අවනත නොවන අපගේ නීති පද්ධතිය මගින් පාලනය කළ නොහැකි සුපිරි බලවතුන්ගේ හමුදාමය බලවේගයක පැමිණීම හා ඔවුන් මාතෘභූමිය තුළ  රියාත්මකවීම එනයින්ම අප අමෙරිකානු යටත් විජිතයක් බවට පත්වීමෙන් ප්‍රත්‍යක්ෂ සාධකයක් බව අවධාරණයෙන් යුතුව පෙන්වා දෙමු.

එකී තත්ත්වයන් තුළ ශ්‍රී ලාංකික ජනතාවගේ නිසි අනුමැතියකින් හා අවසරයකින් තොරව ඉදිරි පරම්පරාවන් ගණනාවක් බැඳ තබන ජනතා විරෝධී දේශද්‍රෝහී ගිවිසුම් වලට ඇතුලත් වීමට කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති හෙයින් එකී ගිවිසුම් හා පනත් සියල්ල අහෝසි කළ යුතු බවට රජයට දැඩි ලෙස බලපෑම් කිරීම හා එකී අරමුණු සාක්ෂාත් කරගන්නා තෙක් එකමුතු ව ක්‍රියා කිරීම අප සියලු දෙනාටම අත්මිදිය නොහැකි ජාතික යුතුකමක් හා යුග   මෙහෙවරක්ව පවතින බව තරයේ අවධාරණය කර සිටිමු.

 ජනාධිපති නීතිඥ  මයුර ගුණවංශ,

 ජාතික කැඳවුම්කරු,

 Stop USA සංවිධානය.

Related posts

රේගුවේන් ඇල්ලු කහ කිලෝ ග්‍රෑම් දසලක්ෂයක් ආපසු ඉන්දියාවටම යවයි

colombotoday

කොළඹ මහල් නිවාස සංකීර්ණ 06ක් හුදෙකලාභාවයෙන් ඉවතට

colombotoday

ගෝඨාභය බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතුයි – හිටපු ඇමරිකන් තානාපති කියයි

colombotoday

ඇමතිකමක් නොමැති හේතුව – ගම්මන්පිලගෙන් නිවේදනයක් !

colombotoday

පාවහන් යුගලේ සඟවාගෙන ආ ජංගම දුරකථන 04 ක් අත්අඩංගුවට

colombotoday

විදේශ කටයුතු ඇමති සෞදියේ නිල සංචාරයක

Admin