Articles

ඇමරිකාව රෙජීම් චේන්ජ් කලේ වංක ඒජන්තයලා හරහායි. මහේෂ් සේනානායක ඇමෙරිකන් තානාපතිනිය හමුවුනේ ඇයි?

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. විසිනි

මේ සමග ඇති යූටියුබ් පටියේ වේලාව 18:48 සිට 20:26 තැන් දැක මා බලවත් විෂ්මයට පත්‌විය.

https://youtu.be/xe09puzAHfg?t=1100

මෙය සෑම දෙනාම දැනගතයුතු වන්නේ ඇප නැතිවූ තරඟයකින් පසු ඉදිරි පාර්ලිමේන්තු චන්දයට තමා පෙරමුණකින් සූදානම්වන බව මහේෂ් පැවසූ නිසාය. මෙය රටට එළිකල අජිත් රෝහණ කොලොන්නෙ මහතා රටට විශාල සේවයක් කර ඇත. මහේෂ් සේනානායක, සර්වෝදයේ වින්‌යා හා එක්සත් වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ නායක ඉංජිනේරු ගාමිණී ගුණවර්‍ධන යන තුන් දෙනා ඇමෙරිකන් තානාපතිනිය හමුවූයේ කුමක් සඳහාද? පල්ලෙවත්තට හෝ නාගානන්දට හෝ හිටපු ඔඩිටර් ජෙනරාල් ගාමිණී විජේසිංහට හෝ මායාදුන්නේට ඔවුන්ගේ විකල්පයේ (ජාතික ජනතා ව්‍යාපාරයේ-ඇන්.පී.ඇම්) ජනාධිපති අපේක්‍ෂකකම නොදී එය දිල්‍ර‌ැක්‍ෂි ඩයස්ට දීමට ගුණවර්‍ධන හා වි‌න්‌යා යන දෙන්නා විසින් හිතූමතයට තීරණය කලේ ඇයි? ඉන් පසුව ඒ ආකාරයටම මහේෂ්ට එය දුන්නේ ඇමෙරිකා තානාපතිනිගේ බලපෑම මතද?

මෙහිදී වැදගත් ඊළඟ කාරණය නම් ජේ.වී.පීකාරයින් මායාදුන්නේට එය දීමට සිතා ඒ වෙනුවට අනුර කුමාරව දමා, ජාතික ජනතා ව්‍යාපාරයට හේත්තුවීමට කල උත්සාහයය. ජාතික ජනතා ව්‍යාපාරයේ ගුණවර්‍ධන හා වි‌න්‌යා ඇමෙරිකන් ඒජන්තලාවූ නිසා ඊට ගෑවුණු ජේ.වී.පීකාරයින්ටද රතු ඇමෙරිකන් අලිපැටව් කියා යමෙක් චෝදනා කලොත් එය අසාධාරණ නොවේ. මේ ගැන මහේෂ්, වින්‌යා යන දෙන්නා රටට ඇත්ත එළිකල යුතුය.

කොලොන්නේ සිතන්නේ විකල්පය යන සංකල්පය ඔහුගේ නිර්‌මාණයක් කියාය. 1960 සිට ලංකාවේ ප්‍රජාචාරය විෂය හැදෑරූ කෙනෙකු වශයෙන් මා නම් දකින්නේ 1952 දී බණ්ඩාරනායක මහතා විසින් යූ.එන්.පී-මාක්ස්වාදී අන්ත දෙකට මැදින් වෙනම පක්‍ෂයක් සැදීම ලංකාවේ ප්‍රථම තුන්වන බලවේගය වුණ බවය. 1978 සිට රටේ පැතුරුණු විෂම සමාජ-දේශපාලන-ආර්ථික දූෂණයෙන් වැඩියෙන්ම බැට කෑවේ සිංහල බෞද්ධ ජනතාවය. ඊට පෙර සෝම හාමුදුරුවන් උත්සාහ කල පරිදිම, 2012 දී බොදු බල සේනාව විසින් මේ සංසිද්ධිය රටට එලි කලේය. නොයෙක් වෘත්තිකයින් මේ කතාවට හොට දැම්මේ රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යව නොදැන හෝ අමතක කර යාන්ත්‍රික බටහිර මනස් ක්‍රමයකටය. මේ නිසා මොවුන්ගේ කතා සාමාන්‍ය ජනයාට පෙණුනේ ගල් තලාවක ඉසින තල මෙන්‌ය. ඒවා පැල නොවේ. නාගානන්ද හා පල්ලෙවත්තටත් වැරදුනේද මෙයය. අනුර කුමාරගෙන් චන්දය දිණූවිට ඔහු මුලින්ම යන්නේ දළදා මාළිගාවටදැයි විමසූවිට ඔහු තුෂ්ණිම්භූතව සිටියේද ඒ නිසාය.

දැන් සෑම දෙනාගේම නිරුවත් එළිවී ඇත. රටේ සිංහල ජනයා ඔවුන්ට පාඩමක් උගන්වා ඇත. නොයෙක් වෘත්තියවේදී, උගත්, විද්‌වත් පිරිස් විසින් දැන් කලයුතු ගෝඨාභය රාජපකෂ රජයට විශේෂඥ දැනුම් සපයාදීමය. මීට හේතුව කොලොන්නේ හිතන විකල්පය ගෝඨා නිසාය. ඔහුගේ පාලන සමය, දෙවන මහින්‌ද යුගයක් වෙන්නේ නැත. මේ දෙන්නා එකම කාසියේ දෙපැත්ත නොවේ. පාර්ලිමේන්තු චන්දයක් ගැන සිහින මවන සජිත්ගේ ගනයට මේ උගත් පිරිස් නොවැටිය යුතුය. ඊට හේතුව පාර්ලිමේන්තුව ශුද්ද්ධකිරීමේ කාර්‌යයට අතගැසීමට රටේ හාමුදුරුවරු සූදානම්වෙමින් සිටිනා නිසාය. අශීලාචාර මිනිසුන් වෙනුවට සිංහල වැදගත් පුද්ගලයින් පාර්ලිමේන්තුවට යැවීමට මහජනයා දැනටමත් තීරණය කර ඇති බව නිසැකය. මෙහිදී මුන් 225 ම එපා යන සටන් පාඨය වෙනුවට ඉන් සුදුසු කොටස වෙන්කර අන් සියල්ලන්වම පක්‍ෂ නාමයෝජනා ලිස්ට් එකට නොදැමීමට ගෝඨා හා මහින්ද තීරණය කරණු ඇත. ඉන් ලිස්සායාමට දේශපාලන මහින්ද සිතුවත් නිලධාරී ගෝඨා ඊට ඉඩදෙන්නේ නැත්තේ අතීතයේ පාඩම් දේශපාලකයින්ට වඩා හොඳින් නිලධාරීන්ට අමතක නොවන නිසාය.

ඇමෙරිකාව ව්සින් රටවල්වල රෙජීම් චේන්ජ් කලේ ඇමෙරිකන් පුරවැසියන් හරහා නොව ඒ ඒ රටවල ඉන්නා ඇමෙරිකාවට පයවත් ගසා නැති වංක ඒජන්තලා හරහාය. සරත් ෆොන්සේකා හා මහේෂ් සේනානායක එවැනි උදාහරණ දෙකකි. මෛත්‍රීපාල සිරිසේන මේ උගුලට අසුවුණේ නොදන්නාකමට හා මහින්ද රෙජීමය තුල ඔහු විඳි අසහනය නිසාය.

Related posts

ෆේස්බුකියෙන් ගොදුරු සොයන ISIS ත්‍රස්තයෝ !

colombotoday

මියන්මාරයේ අමරපුර ඇති ලොව ප්‍රථම ජේඩ් දාගැබ !

colombotoday

ඇමරිකාවෙ විරෝධය නොතකා ඊශ්‍රායලය අපට දුන් “සිංහ පෝතකයා ” කෆීර්.. සටන් බිමේ අභිමානවත් සටන්කරුවා !

colombotoday

බෝඩ් ගහගෙන ‘වෙනසක්‌’ කරන මොකක්‌ද මේ අලුත් සෙල්ලම

colombotoday

වසර 25ක කොටින්ගේ කෘෘර ඝාතන ජිනීවා වාර්තාවෙන් වසන් කළ හැටි

colombotoday

ඒකාබද්ධය ශ්‍රීපාදයට එරෙහි වෙයි !!

colombotoday