Business

ඇමෙරිකානු ඩොලරය රු 190.61 දක්වා ඉහලට

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (24) ඉතිහාසගත ලෙස පහළ ගියේය.
 
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (24) 190.61 ලෙස සටහන්ව තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 190.61 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 185.93ක් ලෙසත් දැක්විණි.
 
ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.
 
ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් මේ වනවිටත් කොරෝනා වයිරසයෙන් බලපෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු හා ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සහන පැකේජ ලබාදී ඇත.
 
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.8කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
 
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ ජාත්‍යන්තර බොරතෙල් මිල ගණන්වලට අනුව ‘බ්‍රෙන්ට්’ වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 27.82ක් ලෙසත් ඔපෙක් (තෙල් අපනයන කරන රටවල) වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 24.72ක් ලෙසත් දැක්විණි.

Related posts

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

colombotoday

රන් මිල අඩු වෙයි

colombotoday

AIBT Campus නවතම ශාඛාව Degu Lanka පදනම සමඟ ඒකාබද්ධව හම්බන්තොට නගරයේදී විවෘත වේ.

colombotoday

වැඩිමිලට අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කළ ආයතනයකට නඩු

colombotoday

ඩොලරය රුපියල් 285 ට යයි

colombotoday

රවීගේ 90% වලංගු නැහැ. වාහන ලීසිං වටිනාකමෙන් 70% පමණයි. මහ බැංකුව මුල්‍ය ආයතනවලට නියෝග කරයි.

colombotoday