Colombo Today Local News

ඇවන්ගාඞ් නඩුවෙන් ගෝඨා අතුළු 7ක් නිදහස්.. ප‍්‍රතිශෝධන අයැදුම්පත ප‍්‍රතික්ෂේප කරමින් ලබාදුන් නියෝග බලශුන්‍ය කරයි

ඇවන්ගාඞ් මැරිටයම් සර්විස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට අවකාශ සැලසීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු ආරක්‍ෂක ලේකම්

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සැකකරුවන් අට දෙනා නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (12 දා* නියෝග කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනුකර තිබූ අභියාචනාවක් සම්බන්ධයෙන් තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් අචල වෙන්ගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

එම සැකකරුවන්ට එරෙහිව ප‍්‍රමාණවත් සාක්‍ෂි ඇතිනම් නිසි ක‍්‍රමවේදය යටතේ නඩු පැවරීමේ අයිතිය අල්ලස් කොමිෂන් සභාවට ඇතැයි ද විනිසුරු මඬුල්ල සිය තීන්දු ප‍්‍රකාශය මගින් පෙන්වා දී තිබිණි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සැකකරුවන් අටදෙනාට එරෙහිව අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩු සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා ප‍්‍රතික්ෂේප කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය හා කොළඹ මහාධිකරණය විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිශෝධන අයැදුම්පත ප‍්‍රතික්ෂේප කරමින් ලබාදී තිබූ නියෝග බලශුන්‍ය කරමින් අභියාචනාධිකරණය එම නියෝගය කළේය.

අල්ලස් කොමිෂන් සභාව විසින් එම නඩුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇත්තේ අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරය නොමැතිව බව පෙන්වා දෙමින් එම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමේ නීතිමය හැකියාවක් නොමැති බවට ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නීතිඥවරුන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට මූලික විරෝධතාවක් ඉදිරිපත් කර තිබිණි. එම මූලික විරෝධතාව මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කර තිබූ අතර එකී නියෝගය අභියෝගයට ලක්කරමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොළඹ මහාධිකරණයට ප‍්‍රතිශෝධන අයැදුම්පතක් ඉදිරිපත් කර තිබිණි. එකී ප‍්‍රතිශෝධන අයැදුම්පත විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම මහාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කිරීම නිසා එම නියෝග දෙකම ප‍්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්‍ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ එම අභියාචනය ගොනුකර තිබිණි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිශෝධන අයැදුම්පත වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමකින් තොරවම මහාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කිරීම බැලූ බැල්මට නෛතික ක‍්‍රියාදාමයක් නොවන බව පෙන්වා දුන් අභියාචනාධිකරණය ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසට පවරා තිබූ එම අල්ලස් නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම තාවකාලිකව අත්හිටුවමින් මුල් අවස්ථාවේදීම අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබිණි.

Related posts

බදුල්ලේ නායයෑමේ අවදානමක්

Admin

මංගලගේ සිහින බොද වෙයි.. ‘සමලිංගික විවාහ‘යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි !

colombotoday

කොම්පඤ්ඤ විදීයට ගුවන් පාලම් 03ක්

colombotoday

හිජාස් හිස්බුල්ලා අධිකරණයට

colombotoday

ලියාපදිංචි නොකළ මද්‍රසා පාසල් 1000ක් රට පුරා !

colombotoday

පුද්ගල මියයාම් 8ක්, දේපළ හානි 65ක්, නිවාස ගිනි තැබීම 38ක් දක්වා ඉහළට. තවත් තොරතුරු මෙන්න.

colombotoday