Colombo Today Local News

ඇවන්ට්ගාඩ් 4,5 හා 6 සැකකරුවන් රිමාන්ඩ්

ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට් ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවට අදාළව 4,5 හා 6 යන සැකකරුවන් එළැඹෙන 2 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේය.

ඒ අනුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පිළිවෙළින් වික්ටර් සමරවිර, පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල යන අයයි.

වික්ටර් සමරවිර නමැති සැකකරු ඉකුත් 8වැනිදින අධිකරණයට භාරවිමෙන් පසු අද දක්වා රිමාන්ඩ් කරන ලද අතර ඔහු මේ වනවිට කරාපිටිය රෝහලේ  ප්‍රතිකාර ලබන බව ඔහු වෙනුවෙන් පෙනි සිටින නිතිඥවරිය අධිකරණයට දැනුම්දුන්නාය.

අපරාධ පරික්ණ දෙපාර්තමේන්තු විසින් අත් අඩංගුවට ගන්නා ලද පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක නමැති සැකකරු මේ වනවිට  ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.‍

සමන් දිසානායක වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නේ නම් ජයවර්ධනපුර රෝහලේම නතරව ප්‍රතිකාර ලබා ගැනිමට ඉඩ දෙන ලෙසය.

එහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව රෝහලට ගොස් විමර්ශණය කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

Related posts

“මිහින්තලේ හාමුදුරුවන්ගෙ මාසික ආදායම කීයද? ඇයි ලයිට් කපන්න වුණේ”

Admin

නාවික හමුදාවේ නිපදවූ යාත්‍රා 09ක් මුල් වරට විදේශ රටකට

colombotoday

සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමිගෙන් ඇපෑලක්

colombotoday

තක්සේරු වටිනාකමටත් අඩුවෙන්, කුණු කොල්ලයට ඉන්දියාව මත්තල ගන්න හදයි !

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සෙනසුරාදා සිට යළි අරඹයි

Admin

කථානායක දේශපාලන කුමන්ත්‍රණවලට යොදා ගැනීමට විරෝධය දක්වනවා – දිනේෂ් ගුණවර්ධන

colombotoday