Colombo Today Local News

ඉදිරි දින කිහිපයේදී මහ හොරු කීපදෙනෙක් අල්ලනවාමයි.. මම වගකීමෙන් කියන්නෙ

ඉදිරි දින කිහිපයේදී ගිය ආණ්ඩුවේ මහ හොරු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මාතර පැවති උත්සවයක් අමතමින් මංගල සමරවීර මහතා මෙසේද පැවසීය

“සමහරු අපෙන් අහනවා කෝ අල්ලපු හොරු, හොරු අල්ලන්නේ නැද්ද කියලා. මෙගා ඩීල් ගහපු හොරු අල්ලන එක් පික්පොකට්කාරයෙක් අල්ලන තරම් ලේසි නෑ. එක වංචාවක් ගැන තොරතුරු හොයන්න රටවල් හතරකට යන්න වුණ අවස්ථා තිබුණා. ඒ නිසා ඒවාට යම් කාලයක් ගත වෙනවා. නමුත් මම වගකීමෙන් කියනවා ඉදිරි සති දෙක තුන ඇතුළතදී නීත්‍යනුකූලව මහා හොරු කීප දෙනෙක් අත්අඩංගුවට ගන්න සියලු දේ කරලා තියෙන්නේ. ඔය සේරම කියන කොට සද්ද නැතිව හිනා වෙලා ඉන්න. මොකද වෙන දේ හරි වෙලාවට නියම විදියට වේවි. ඒක සතියක් දෙකක් යන කොට වේවි. ඒක කාටවත් නවත්වන්න බෑ”

Related posts

ශ්‍රී ලංකාවේ ගැටලුව තේරුම් ගන්න තමිල්නාඩු රජය අපොහොසත් වුණා – මුරලිගෙන් හෙළිදරව්වක්

Admin

පාදාගොඩ ආමි ශිවා අත්අඩංගුවට

colombotoday

කන්දකාඩුවලින් පැනගිය රැඳවියන් 232ක් පොලිස් භාරයට

colombotoday

වෙඩික්කරුගෙන් කායවර්ධන උපදේශකවරයෙකු අනූනවයෙන් බේරෙයි

Admin

ඵලදාව අඩු වීමෙන් ඉදිරියේදී එළවළු මිල ඉහළට

colombotoday

රට පුරා අදත් තෙල් පෝලිම්.. නැව එන්නේ 09 වැනිදා !

colombotoday