Colombo Today Local News

ඉදිරි සතියේ ඇදිරිනීතිය සම්පූර්ණයෙන් ඉවතට

දැනට රාත්‍රී කාලයේදී පැය හතරක් ක්‍රියාත්මක වන ඇදිරිනීතිය ඉදිරි සතියේ දී සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පැය හතරක කාලයක් පමණි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැනට මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ කඩින් කඩ ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළේය.

ඇඳිරි නීතිය ලිහිල් කළ ද තවදුරටත් සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව රජයේ හා පුද්ගලික කාර්යාල පවත්වාගෙන යා යුතු බව රජයෙන් නිවේදනය කරයි.

සෞඛ්‍ය බලධාරීන් විසින් නැවත දැනුම් දෙන දැනුම් දෙන තුරු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුය බවද රජය විසින් නිවේදනය කර ඇත.

Related posts

යුද හමුදාපතිට උසාවියේ පෙනී සිටින්නැයි නොතීසි !

colombotoday

අළුත් ව්‍යවස්ථාව හදන්න අගමැති ‘මහුණු පොතෙන්’ මත විමසයි.

colombotoday

මහවිල මූකලාන රක්ෂිතයේ අක්කර 30ක වසර සිය ගණනක් ඉපැරණි ගස් කපා විනාශ කරයි

colombotoday

උත්සව සමයේ පාරිභෝගික නීති කඩ කරන්නන් සොයා වැටලීම්

Admin

එජාපයේ පළුවක් ගලවගෙන රවී මහින්දගේ ආණ්ඩුවට ?

colombotoday

රාජිත ට සිතාසි

colombotoday