Colombo Today Local News

ඉන්ටවල් ඉවරයි… පාතාලය, මත් ජාවාරම මැඩලීම හමුදාවට අතට…!

පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමේ කටයුතු සෘජුවම හමුදාව වෙත පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී යුද හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදවා පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සියල්ල මැඩ පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ.

මේ වනවිට හිටපු හමුදා නිළධාරියෙකු ජනාධිපති ධුරයට පත්ව සිටී. එසේම නව ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ අවසන් සටනේදී අති විශේෂ කාර්යභාරයක් සිදුකළ කමල් ගුණරත්න මහතාය. වත්මන් යුද හමුදාපතිවරයා ද අවසන් සටනේදී කැපී පෙනුණු හමුදා නිළධාරියෙකි.

අනෙක් වැදගත්ම කරුණ වන්නේ මෙම පුද්ගලයන් තිදෙනාම යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවට අයත් වීමයි. අවසන් යුද සමයේදී තිදෙනා අතර අතිශය සමීප සබඳතා පැවති අතර ඒ අනුව පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මහෙයුමේදීද ගෝඨාභය රාජපක්ෂ මහතා කමල් ගුණරත්න මහතා සහ ශවේන්ද්‍ර සිල්වා මහතා කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා උත්සාහ කළ නමුත් එහි අවසානයක් දැකීමට අසමත් විය.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වූ පළමු මොහොතේම පාතාලය සහ මත් ජාවාරම මැඩලීම සඳහා පළමු පියවර බරටම තබා තිබේ.

Lankanewsweb.net

Related posts

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

Admin

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්

Admin

කොල්ලුපිටිය මුහුදු වෙරළේ මළසිරුරක්

Admin

පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි. ඡන්දය ජනවාරි 5 ?

colombotoday

ඩෙංගු මඩින්න කදිම පිළියමක් අධ්‍යාපන ඇමති සොයාගනී.. සිසුන්ට කොට කලිසම් වෙනුවට දිග කලිසම් !

colombotoday

“උතුරේ දෙමළ, මුස්ලිම් ජනතාවට සලකනකොට දකුණේ අන්තවාදීන් කියනවා, රට බෙදනවලු” – ජනපති

colombotoday