World

ඉන්දියාවේ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මරුට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කැලිකට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදු වූ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

බෝයිං 737 දරණ ගුවන් යානය ගුවන්තොටුපලට ගොඩබැස්සීමේ දී අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් පථයෙන් ඉවතට ලිස්සා ගොස් අනතුරට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කොරෝනා වෛසරය හේතුවෙන් ඩුබායිහි රැඳී සිටි ඉන්දීයානු ජාතිකයින් පිරිසක් රැගෙන පැමිණි ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව තිබේ.

අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

මියගිය පුද්ගලයින් අතර ගුවන් යානයේ නියමුවන් දෙදෙනා ද වන බව සඳහන්ය.

අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ මගීන් 190 දෙනෙකු සිට තිබේ.

Related posts

‘මැණිකේ මගේ හිතේ ‘ හින්දියෙන් ගායනා කළ “Thank God” සිනමාපටයට නඩු

colombotoday

චීන ජනපතිට රටවල් 21ක පරිසර සංවිධාන 74 කින් ලිපියක්

colombotoday

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

යුක්රේනයේ හමුදා බුද්ධි ප්‍රධානියාගේ බිරිඳගෙ සිරුරේ බැර ලෝහ තිබී හමුවෙයි

Admin

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

ඉස්ලාම් අන්තවාදයට බංග්ලාදේශ රජය බැටදෙයි.. අන්තවාදීන් 100ක් අත්අඩංගුවට !

colombotoday