World

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වී තිබේ.

අද (21) දිනයේ අවස්ථා දෙකක දී ගිනිකන්දේ පිපිරීම් සිදුව ඇති අතර ඉන් නිකුත් වූ අළු මීටර් 6000ක් පමණ ඉහළට පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනිකන්දේ පිපිරීම් සිදුවීමත් සමඟ ඒ අවට ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගෙන තිබේ.

එමෙන්ම ඒ ආශ්‍රිතව ගුවන්ගමන් ද තාවකාලිකව නතර කිරීමට උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

ලොව වඩාත් සක්‍රීය ගිනිකඳු අතරට අයත් වන මිරාපි ගිනිකන්ද සක්‍රීයවීමෙන් 2010 වසරේදී පුද්ගලයින් 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණි.

Related posts

“100% ක් මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදීන්ට උදව් කරනවා” – ඇමරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්

colombotoday

ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බවට හමාස් සංවිධානයෙන් තර්ජන

Admin

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin

ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක යානයක් කඩා වැටෙයි

Admin

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

Admin

නව වසර ඉතාමත් දුෂ්කරයි

Admin