Colombo Today Local NewsWorld

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

ඉරානය ඇමෙරිකානුවන්ට කිසියම් ම හෝ ප්‍රහාරයක් එල්ල කළහොත්, ඉරානයේ ස්ථාන 52කට ක්ෂණික සහ බරපතල ආකාරයේ ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට අනතුරු අඟවා තිබේ.
 
ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් මේ බව දක්වා ඇත.
 
ප්‍රහාර එල්ල කිරීමට නියමිත ස්ථාන ඉරානයට සහ එහි සංස්කෘතියට අතිශය වැදගත් බවත්, ඇමෙරිකාවට තවදුරටත් ඉරානයේ තර්ජන අවශ්‍ය නැති බවත් ඔහු පවසා ඇත.

එය ඇමෙරිකාව මින් පෙරදී පහර නොදුන් තරමේ ප්‍රහාරයක් විය හැති බවද ඔහු සඳහන් කර තිබේ.
 
හමුදා ප්‍රධානියා ඝාතනය සම්බන්ධයෙන් ඉරානය ඇමෙරිකාවෙන් පළිගතහොත්, මින් පෙර භාවිත නොකළ, නවීන සහ අලංකාර යුද උපකරණ භාවිත කිරීමට තමන් කිසිදු ආකාරයකින් නොපැකිළෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත.
 

Related posts

අද සිට ලැබෙන බදු සහන මෙන්න

colombotoday

කොරෝනා පරීක්ෂණයට බේරුවල පල්ලියකට ගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විරෝධය. – පල්ලියේ ගේට්ටුව වසා ඉබි යතුරුත් දමයි.

colombotoday

ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

නවසීලන්තයේ 41වන අගමැති දිවුරුම් දෙයි

Admin

කබ්රාල් අස්වීමේ ලිපිය සදුදා බාරදෙයි

colombotoday

විදේශ ඇමති අද මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිය අමතයි

colombotoday