Colombo Today Local NewsCovid 19

ඊයේ හමුවු කොවිඩ් ආසාදිතයින්

මෙරටින් වාර්තාවන කොවිඩ් නයින්ටීන් ආසාදිත‍යින්ගේ ගණන 2823ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ (02) අලුතින් හඳුනාගැනුණු ආසාදිතයින් 8දෙනාද සමගය.

මෙම ආසාදිතයින්ගේන් එක් අයෙකු ලංකාපුර වාර්තා වු ආසාදිතයාගේ ආශ්‍රිතයෙකුවන අතර ඔහු මේවන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සෙසු 07දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයවන අතර ඔවුන් ද මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටී.

ඒ අනුව මේවන විට රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 298 කි.

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 2514දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

Admin

පොලිසියේ දෙදෙනකුට පොල්ලෙන් ගසා මූණට ගලකින් ගහලා…

Admin

ලංගමේ මළගම අත ළගයි… මට්ටක්කුලිය සහ තවත් ඩිපෝ කිහිපයක් විකුණා දැමීමේ සූදානමක්!

colombotoday

මධුෂ් මංකොල්ල කෑ කෝටි 700 දියමන්තිය ඩුබායි ගෙන ගියේ රයන්ද?

colombotoday

සේනා දළඹු ආක්‍රමණයෙන් වැඩිම ප්‍රතිලාභ බඩඉරිඟු ආනයනය කරන සමාගම්වලට

colombotoday

යෝෂිත නාවික හමුදාවෙන් ඉවතට ! මහාධිකරණයෙනුත් ඇප නෑ

colombotoday