Colombo Today Local NewsHot News

ඊළාම්වාදීන් නිරුත්තර කරන සුදුකොඩි සිද්ධියේ ඇතුල් පැත්ත

වන්නි මෙහෙයුමට අදාළ සුදු කොඩි සිද්ධිය දැන් යළිත් මතුවී ඇත. මේ සුදු කොඩි සිද්ධිය පිළිබඳව මුලින්ම වාර්තා වූයේ හිටපු මාධ්‍ය පාර්ශ්වයක්‌ විසින් හමුදාපති සරත් ෆොන්සේකාට කරන ලද ප්‍රකාශයයි. එම මාධ්‍ය පාර්ශ්වය ජිනීවා පරීක්‍ෂක මණ්‌ඩලයට සාක්‍ෂි දී ඇත්තේ 58 වැනි සේනාංකය භාරව සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ දුන් නියෝග තමන්ට ඇසුන බවයි.

jaffna
සුදු කොඩි සිද්ධිය සිදුවූ බව දැක්‌වෙන ස්‌ථානය යස්‌මින් සුකා සිය වාර්තාවේ දක්‌වා තිබූ අයුරු.

මේ පසුබිම මත සුදු කොඩි සිද්ධිය ගැන විමර්ශනය කරන රජයේ යාන්ත්‍රණය හමුවේ ප්‍රශ්න කීපයක්‌ මතුවී ඇත.

1. මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ජංගම දුරකථනය ශබ්ද විකාශ යන්ත්‍රයක්‌ද?

2. රහසිගත නියෝග ජංගම දුරකතන ඔස්‌සේ ලබාදෙන ක්‍රමවේදයක්‌ හමුදාව තුළ භාවිතා වූයේද?

3. ශවේන්ද්‍ර සිල්වාට ලබාදුන් නියෝගය ඔහු සමග සිටි අනිත් නිලධාරීන්ට නොඇසුනේ මන්ද?

4. යටත් වූ කොටි නායකයන්ට වෙඩි තබන ලෙසට දුන් බව කියන නියෝගයක්‌ තමන්ට සවනය වූ බව එකී මාධ්‍ය පාර්ශ්වය පැවසුවේ ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා ගැනීමටද?

5. එම මාධ්‍ය පාර්ශ්වයට හා ඔහුගේ පවුලේ අයට ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබී තිබීම.

එහෙත් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ හමුදා නිලධාරියාව සිටි ලෝරන්ස්‌ ස්‌මිත් පැවසුවේ කොටි හමුදා නායකයන් හමුදාවට යටත්වීමට පැමිණි බවට පළ වූ ප්‍රචාරය විශ්වාස කළ නොහැකි බවයි.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවා පැවසුවේ කිසිදු කොටි ක්‍රියාකාරිකයකු යටත් වීමට කැමැති බවට තොරතුරු තමන්ට ලැබී නොතිබූ බවයි.

මේ තත්ත්වය මත සුදු කොටි සිද්ධිය ප්‍රචාරය කිරීමට බ්‍රිතාන්‍ය චැනල් 4 රූපවාහිනියේ කැලම් මැක්‌රේ සහ හිටපු බීබීසී වාර්තාකාරී ප්‍රාන්සස්‌ හැරිසන් ද දායක වී ඇත.

ප්‍රාන්සස්‌ හැරිසන් සුදු කොටි සිද්ධිය දුටු බව කියන සාක්‌කිකරුවන් දෙදෙනකු ගැනද සඳහන් කර තිබේ. ඉන් එක්‌ අයෙක්‌ ප්‍රභාකරන්ගේ රැකවලෙකි.

ප්‍රභාකරන්ගේ රැකවලා ඇයට කර ඇති ප්‍රකාශය විශ්වාස කළ හැකිද? තමිල් සෙල්වන්ගේ බිරිය ෂශිකලා ප්‍රකාශයක්‌ කරමින් සුදු කොඩි සිද්ධිය බොරුවක්‌ යෑයි හෙළි කර ඇත. කිසිදු කොටි ක්‍රියාකාරියකු සුදු කොඩි ඔසවාගෙන පැමිණියේ නැතැයි ඇයතවදුරටත් ප්‍රකාශ කර තිබේ.

සුදු කොඩි ඔසවාගෙන පැමිණි කොටි හමුදා නායකයන්ට හමුදාව වෙඩි තැබුවේ නම් කොටි කාන්තා බලකායේ නායිකාව වූ තමිලිනි බේරුණේ කෙසේද?

ප්‍රභාකරන්ගේ සමීපතම සගයන් වූ දයා මාස්‌ටර් හා ජෝර්ඡ් මාස්‌ටර් ද ගැලවී ඇත.

මේ පසුබිම මැද සුදු කොඩි සිද්ධිය කාගේ නිර්මාණයක්‌ ද යන්න විමර්ශනය කළ යුතුයි. යටත් වූ කොටි හමුදා නායකයන්ව බේරා ගැනීමට එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන මාණ්‌ඩලික නිලධාරී විඡේ නම්බියාර් ද සම්බන්ධවූ බවට වාර්තා විය. එහෙත් විඡේ නම්බියාර් ඒ ගැන කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

මෙම සුදු කොඩි සිද්ධියේ තවත් කොටස්‌කාරියක්‌ වූයේ ඇමරිකානු මාධ්‍යවේදිනි මාරි කොල්වින්ය. ඇය කොටි සංවිධානය සමග දැඩි ලෙස සබඳකම් පැවැත්වූ බව හෙළි විය. එසේ නම් ඇය කළ සාක්‍ෂිය පිළිගත හැකිද? මෙවන් තොරතුරු අනාවරණය වූ අවස්‌ථාවේ කොටි හමුදා නායකයන් ඇතුළු 160 ක්‌ බේරා ගැනීමට ඇමරිකාව උත්සාහ දැරූ බව වාර්තා විය. එහෙත් ඊට කලින් වන්නි මෙහෙයුම නිමා විය.

සුදු කොඩි සිද්ධියට සම්බන්ධ තවත් සාක්‍ෂිකරුවකු වූයේ හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම්ය.

සෝල්හයිම් කොටි හමුදා නායකයන් සමග දැඩි සබඳකම් පවත්වා ඇත. පුලිතේවන්, නඩේෂන් ඇතුළු කොටි ක්‍රියාකාරීන් මියගිය බව ඇසූ සෝල්හයිම් හැඬූ බව නෝර්වේහි ආµaටන්කෝස්‌ටන් පුවත්පත හෙළි කර තිබිණි.

මේ නිසා සුදු කොඩි සිද්ධියේ සාක්‍ෂිකරුවන් කොටි හිතවාදීන් බව සනාථ නොවන්නේද?

හිටපු බීබීසී වාර්තාකාරිය වූ ප්‍රාන්සස්‌ හැරිසන් මුලින්ම ප්‍රකාශයක්‌ කරමින් වන්නි මෙහෙයුමේ අවසාන සතියේ සිදුවූ දේ අපැහැදිලි යෑයි කීවාය. සතියකට පසු ඇය පැවසුවේ යටත් වූ කොටි හමුදා නායකයන්ට මැෂින් තුවක්‌කු ප්‍රහාරයක්‌ එල්ල වූ බවයි.

චැනල් ෆො අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේ සුදු කොඩි සිද්ධිය දුටුවේ නැත. එහෙත් ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ සාක්‍ෂි දී ඇත්තේ සුදු කොඩි සිද්ධිය දුටුවාක්‌ මෙනි.

එසේම සුදු කොඩි සිද්ධිය ගැන එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්‌මින් සුකා පිටු 42 ක වාර්තාවක්‌ සකස්‌ කර එය මානව හිමිකම් කවුන්සිලයට ලබාදී තිබිණි.

එහෙත් ඇය අතරමැදි කාන්තාවකි. වන්නි මෙහෙයුමට අදාළ තොරතුරු යස්‌මින් සුකා ලබාගෙන ඇත්තේ පිටස්‌තර පාර්ශ්වවලිනි.

මේ සියලු තොරතුරු මැද බොරුකාරයන් රැසක්‌ සුදු කොඩි සිද්ධිය අතිශයෝක්‌තියෙන් යුක්‌තව ප්‍රචාරය කර තිබේ. ඊළම්වාදී ඊට ලුණුඇඹුල් දමා ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ද තව තවත් සාවද්‍ය තොරතුරු ඊට යොමු කර තිබේ.

සුදු කොඩි සිද්ධිය ගැන නිසි පරීක්‍ෂණයක්‌ පවත්වන්නේ නම් මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියා කලාපය අනිවාර්යයෙන්ම සෙවිය යුතුව තිබේ.

– කීර්ති වර්ණකුලසූරිය

Related posts

සිමෙන්ති මිල පහළට

Admin

නව ජනපති පත් කර ගැනීම දින හතක් ඇතුළත.

colombotoday

අසාද් සාලි සම්බන්ධ නඩු කටයුත්තකට නිතිපති නියෝජනයක් ගන්නැයි CID යට නියෝගයක්

colombotoday

වසර 1800 කට පෙර සිටි මළතිස රජුගේ රන්කරඩුව සොයාගනී. | බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් ඇති බවට සාධක හමුවේ.

colombotoday

දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙයි

colombotoday

අණ නොතකා ධාවනය කල මෝටර් රථ දෙකකට නාවික හමුදාව වෙඩි තබයි – එක් අයෙකු මරුට

colombotoday