Colombo Today Local News

උපවාස ජොගියත් හමාරයි… පොලිසියෙන් විත් කුදලන් යෑමට පෙර උපවාසකාර හිමිනම නිදහස් චතුරශ්‍රයෙන් පිටමං වෙයි !

කොළඹ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී ආචාර පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල සාමණේර හිමියන් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කරන ලදී.

ඊයේ මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ පුර්ව මැතිවරන ප‍්‍රචාරක කටයුතු රාත‍්‍රි 12න් අවසන් වන නිසා භික්ෂූන් වහන්සේලා විසින් ආරම්භ කර ඇති උපවාස මධ්‍යම රාත්‍රී 12 වීමට පෙර අවසන් කරන ලෙසයි. එසේ නොවුණහොත් මැතිවරණ නීතියට අනුව පොලිසිය යොදා ඉවත් කිරීමට සිදුවන බවත් සදහන් කරන ලදී.

මේ අනුව පොලිසිය පැමින කුදලාගෙන යාම පෙර එම හිමියන් උපවාසය අවසන් කර එම ස්ථානයෙන් පිටව ගියේ ය.

ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවත් දින තුනක් ඇතුළත තහවුරු කරන ලෙස ඉල්ලමින් මෙම උපවාසය ආරම්භ කර තිබිනි.

උපවාසය අතරතුරදී තාවකාලික විරාම ගැනීම් සමා ජාලාවන්හි උසුලු විසුලු වලෙ ලක් වූ අතර උපවාස ස්ථානයට තුන් වේලටම ආහාර ලබා දීම්ද සිදු විය.

Related posts

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තබයි

colombotoday

අත්‍යාවශ්‍ය භාණ්ඩ ජංගම වෙළෙඳුන් හරහා බෙදාහැරීමට කටයුතු සුදානම්

colombotoday

ඇමැති ප්‍රසන්නගේ නිවසට පහරදුන් සිද්ධියට මහාචාර්ය හිමියෝ බාර වෙති

colombotoday

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් දහසක් මහපාරට !

colombotoday

මීටරේ නැතිව 20වනදා පටන් කුලී ගමන් තහනම්

colombotoday

තව්හිද් ත්‍රස්ත කදවුරු 7ක්, ආරක්ෂක නිවස්න 17ක් සොයාගනී….

colombotoday