Colombo Today Local News

“උඹව උස්සනවා.. දැනගනිං මම නීතීඥවරියක්” කියමින් හිරුණිකා මේසයක් උඩ හිඳ නඩු ඇහුවා – පැහැරගත් තරුණයා කටඋත්තර දෙයි

hirunika“උඹ මේ මිනිස්‌සුන්ට කරදර කළොත් ලංකාවෙ කොහේ හිටියත් මම උඹව උස්‌සනවා. දැන ගනින් මම නීතිsඥවරියක්‌” යෑයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ට තර්ජනය කළ බව දෙමටගොඩදී පැහැර ගැනීමට ලක්‌වූ අමිල ප්‍රසංග අමරසිංහ මහතා පොලිසියට ප්‍රකාශයක්‌ ලබාදෙමින් කියා සිටියේය.

කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෙµන්ඩර් රථයකින් ගිය ඇගේ ආරක්‍ෂක නිලධාරින් යෑයි කියා ගන්නා පිරිසක්‌ මෙම තරුණයා පැහැර ගනු ලැබුවේ ඉකුත් 21 වැනිදා සවස 2.15 ට පමණය.

පැහැරගැනීමට ලක්‌වූ තරුණයා දෙමටගොඩ පොලිසිය හමුවේ ප්‍රකාශ ලබාදෙමින් මෙසේද කියා සිටියේය.

මම පදිංචිවෙලා ඉන්නේ මල්වත්ත ගොතටුවේ. මගේ බිරිඳ විදේශගතව රැකියාවක්‌ කරනවා. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දෙමටගොඩ ලකීස්‌ටාර් වෙළෙඳසැලේ මම රැකියාවක්‌ කරනවා.

මීට මාස 6 කට විතර උඩදී තමයි මට චමිලව මුණ ගැහුණේ. ඒ ටවුන්හෝල් එකේදි. චමිලා මට ටෙලිෆෝන් නම්බර් එක දුන්නා. එයත් විවාහකයි. දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. අපි දෙන්නා අතරේ අනියම් සම්බන්ධයක්‌ ගොඩනැඟුණා.

එය මට නිතරම දුරකථනයෙන් කථා කරනවා. මමත් එහෙමයි.

මීට මාස දෙකතුනකට විතර උඩදී අපේ සම්බන්ධය චමිලගෙ මහත්තයට ආරංචි වුණා.

චමිලට නිතර නිතරම ප්‍රශ්න ඇතිවෙන්න ගත්තා. බැරිම තැන මම පහුගිය 19 වැනිදා එයාව මගේ ළඟට ගෙන්න ගත්තා. 20 වැනිදාත් එයා මාත් එක්‌ක හිටියා.

චමිලගෙ මහත්තයා හිරුණිකා මන්ත්‍රීතුමිය එක්‌ක බොහොම සමීපයි. එයාගෙ මැතිවරණ වැඩවලට ගොඩක්‌ උදව් කළා. මට ආරංචි වුණා චමිලාගෙ මහත්තයා මේ ප්‍රශ්නය හිරුණිකා මන්ත්‍රීතුමියට කිව්වා කියලා.

21 වැනිදා මම කඩේ වැඩකර කර සිටියා. ඒ වෙලාවේ තුන්දෙනෙක්‌ කඩේ ඇතුළට ආවා. ඇවිත් පොඩි ප්‍රශ්නයක්‌ කථා කරන්න තියනවා කියලා මාව කඩෙන් එළියට අරගෙන ගියා.

ඒ වෙලාවෙ චමිලගෙ මහත්තයත් එතනට ආවා. එතන හයදෙනෙක්‌ හිටියා ඒ අය එකපාරටම මාව ඇදගෙන ගිහින් කළුපාට ජීප් එකකට දා ගත්තා. ජීප් එකේදී ඒ අය මට හොඳටම ගැහුවා. මාව අරගෙන ගියේ කොළොන්නාවේ තියෙන හිරුණිකාගේ කාර්යාලයට. හිරුණිකා මන්ත්‍රිතුමිය ඒ කාර්යාලයේ මේසයක්‌ උඩ ඉඳගෙන හිටියා.

මාව දැක්‌ක ගමන් එයා ඇහුවා මූද මිනිහා කියලා. චමිලයි එයාගෙ මහත්තයයි එතන සිටියා. මන්ත්‍රි තුමිය එතනදී නඩු ඇහුවා. මට තර්ජනය කළා.

ආයෙත් ප්‍රශ්න ඇති කළොත් උඹව උස්‌සනවා කිව්වා. මට මේ පැත්ත පළාතේ ඉන්න එපා කියලා මාව පන්නලා දැම්මා.

මම දෙමටගොඩට ආවා. ඒ වෙනකොට කඩේ අයිතිකරු මාව පැහැරගෙන ගිය එක ගැන දෙමටගොඩ පොලිසියේ පැමිණිල්ලක්‌ කරලා තිබුණා. පස්‌සේ මම පොලිසියට ආවා යෑයි පැහැරගැනීමට ලක්‌වූ තරුණයා වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

– දිවයින

Related posts

VAT විරෝධය රටපුරා ඇවිළේ.. කිරිබත්ගොඩ, අනුරාධපුර, බදුල්ලේ කඩසාප්පු වැසේ.. ව්‍යාපාරිකයෝ මහ පාරට

colombotoday

රිෂාඩ් ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 15 දා සලකා බලයි

colombotoday

මෙරට හමුදාව සිවිල් කටයුතු සඳහා අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකර නැහැ

colombotoday

රවි කරුණානායකට කැබිනට් අමාත්‍ය ධුරයක් නොදී සිටීමට හේතුවක් නෑ – නීතිපති දෙපාර්තමේන්තුව දන්වයි

colombotoday

එජාප ය – ශ්‍රීලනිපය මත දෙකක.. ව්‍යවස්ථා සංශෝධනය මහ අවුලක !

colombotoday

රෝසි සේනානායක, අසාත් සාලි සමග කොළඹ සටනට පොහොට්ටුවෙන් අලුත් මුහුණක්

colombotoday