Colombo Today Sports News

එක්දින තරග 300ක තීරකයා වී මඩුගල්ලේ ලෝක වාර්තාවක් තියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වූ රන්ජන් මඩුගල්ලේ එක්දින ජාත්‍යන්තර තරග 300 ක තරග තීරකයා ලෙසින් කටයුතු කළ ප්‍රථම තරග තීරකයා බවට පත්විය.

මඩුගල්ලේ මෙම සුවිශේෂී කඩඉමට ළඟා වුයේ එංගලන්තය සහ පාකිස්ථානය අතර පසුගිය සිකුරාදා (13) පැවැති දෙවන එක්දින තරගයේ තරග තීරක ලෙස කටයුතු කිරීමෙනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාන්‍යධිකාරී ජෙෆ් අලඩයිස් ප්‍රකාශ කරන්නේ රන්ජන් මඩුගල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තරග තීරක ප්‍රවීනයන්ගේ සංචිතයේ ගෞරවාන්විත සාමාජිකයෙක් බවයි.

” රන්ජන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු ලෙස මෙන්ම වෘත්තිමය නිලධාරියෙකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට කර ඇති සේවය ඉමහත් බවත්, කාලාන්තරයක් පුරාවට ඉහල මට්ටමේ සේවාවක් සැපයීමට කැපවුන ඔහුට ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෞරව ය හිමි වී තිබෙන” බවට ජෙෆ් අලඩයිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සුභ පැතුම් එක්කරමින් ප්‍රකාශ කළේ ය.

රන්ජන් මඩුගල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තරග තීරක සංචිතයට නම් කෙරුනේ 1994 වසරේ දී යි. එමෙන්ම 2001 වසරේ දී තරග තීරක ප්‍රධානි තනතුරට පත් වූ ප්‍රථමයා මඩුගල්ලේ වන අතර මේ වන විටත් එම තනතුර ඔහු විසින් හොබවයි.

56 හැවිරිදි රන්ජන් මඩුගල්ලේ මේ දක්වා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 6 ක් තරග තීරක ලෙස කටයුතු කර ඇති අතර 1999, 2003 සහ 2015 ලෝක කුසලාන අවසන් තරග වල තීරකයා ද විය .

චැම්පියන් කුසලාන තරගාවලි 6 කට ( 1998, 2000, 2002, 2004, 2006, 2013) සහ ලෝක විස්සයි විස්ස තරගාවලි 4 ක ( 2007, 2010, 2012, 2014) තරග තීරක ලෙස කටයුතු කර ඇත.

1979 -1989 දශකයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ රන්ජන් මඩුගල්ලේ ටෙස්ට් තරග 21 සහ එක්දින තරග 65ක් ක්‍රීඩා කර ඇත .

1987-1989 වර්ෂවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වුණු ඔහු ජාතික තේරීම් කමිටු නිලධාරියෙකු ලෙසද කටයුතු කළේ ය.

Related posts

කුසල් මෙන්ඩිස්ගෙන් අදත් 0 ක්. | ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා වෙයි.

colombotoday

ශ්‍රී ලංකා පිලේ මීළඟ පුහුණුකරු ගැන මාතෘකාව කරළියට. – මහේලට ලැබෙන්න යන දේ

colombotoday

ස්කොට්ලන්තය පරදා ඔස්ට්‍රේලියාව අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලබයි.

colombotoday

ජෛව ආරක්ෂණ බුබුලෙන් පිට ගිය මෙන්ඩිස්ට, දික්වැල්ලට සහ ධනුෂ්කගේ තරග තහනම වසරකින් අඩු කර දඩය කෝටියක් කරයි

colombotoday

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට

colombotoday

දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කරයි. – දිනේෂ් චන්දිමාල් නැවත කණ්ඩායමට

colombotoday