Colombo Today Local NewsUncategorized

එක්නැලිගොඩ වෙනුවෙන් බුද්ධිඅංශ රණවිරුවන් පාවා දීලා, මේව හෙණගහන වැඩ… මේ නිවට නායකයන්ට වස් කවි කියන්න ඕනෑ – ඥාණසාර හිමි

මේ අවස්ථාව වන විට රටේ සන්නද්ධ බුද්ධි අංශ අක්‍රීය කර ඇති බවත් ජාතික ආරක්ෂාව අනතුරේ දමා ජනපති අගමැති  ඇතුළු මොංගල් ඇමති මණ්ඩලය පිස්සු නටන බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.   එමෙන්ම එක්නැලිගොඩ නම් වූ කොටි ත්‍රස්තවාදීන් සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයා පැහැරගත් බවට චෝදනා කරමින් රට වෙනුවෙන් දිවි කැප කළ බුද්ධි අංශ රණවිරුවන් තිදෙනෙක් බිළි දීමට රජය කටයුතු කරමින් සිටින බවත් බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් එහිදී පවසන ලදි. රජය විසින් අපරාධකරුවන් ලෙස හංවඩු ගසා එම රණවිරුවන්  පාවාදෙද්දී ඔවුන්ගේ දරු පවුල් අනාථ වී ඇති බවත් එය හෙණ ගහන අපරාධයක් බවත්, මේ නිවට පාවාදීම කරන ආණ්ඩුවේ නායකයන්ට වස්කවි කියවිය යුතු බවත් උන්වහන්සේ පවසා සිටියා.

ඤාණසාර හිමියන් දැක්වූ අදහස් පහත විඩියෝ පටයෙන්

“එක්නැලිගොඩ කියන්නේ සුජාත මිනිහෙන් නෙවෙයි. ඔහු කොටියෙක්.  සිංහල කොටි ඉන්න බව අපි ඒ කාලේ කීවා. එක්නැලිගොඩගේ සිද්ධි ඔක්කොම අපි ළග තියනවා. එන් ජී ඕ කාරයෝ එක්නැගිගොඩගේ නෝනව ජිනීවා ගෙනියනව. සමහර විට ජිනීවා පරීක්ෂයෙදී සාක්ෂි කාරියක් කරන්නත් බැරි නෑ.  අවුරුදු තිහක මේ කාලකන්නි යුද්ධය නිමා කිරීම සදහා සන්නද්ධ හමුදා මෙන්ම බුද්ධි අංශත් විශාල මෙහෙවරක් කළා. හමුදා බුද්ධි අංශය රටක හදවත වගේ.  එක්නැලිගොඩ අතුරුදන් කළා කියමින් අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා වෙනුවෙන් අද කවුරුත්ම පෙනී හිටින්නේ නැහැ. ඔවුන් දිවා රෑ නොබලා බුද්ධි මෙහෙවරේ යෙදුනා. ඒ මේ රට වෙනුවෙන්. පඩියක් ලැබෙන්න ඇති. හැබැයි,  මේ රටේ ආරක්ෂක අංශ, බුද්ධි නිළධාරීන් ඒ ලැබෙන පඩියට එහා ගිය විශාල කැප කිරීමක්, මෙහෙවරක් කළා. ඒකයි අපි ඔවුන්ට දේශයේ මුර දේවතාවුන් කීවේ. අද ඒ නිලධාරීන් අපට කතා කරල කියනවා, හාමුදුරුවනේ මීට වඩා හොදයි අපි වහ ටිකක් බීල මැරෙනවා…  තමන්ගේ පවුල් ජීවිත පවා රට වෙනුවෙන් කැප කරපු ඒ මිනිස්සුන්ගේ අද ඔවුන්ගේ ගෑනු දරුවන් අනාථයි. මේ රට වෙනුවෙන් ජීවිත කැප කරපු ඒ මිනිස්සුන් වෙනුවෙන් නඩු කියන්න නීතීඥ ගාස්තු ගෙවන්න ඔවුන්ගේ බිරින්දෑවරුන්ට කනකර උකස් කරන්න වෙලා… හෙණ ගහනව….. අපි ආරාධනා කරනවා මේ රටේ වස්කවි කියන්න පුලුවන් අයට, මේ නිවට පාවාදීම කරන ආණ්ඩුවේ නායකයන්ට වස් කවි කියාපල්ලා.

සම්පූර්ණයෙන්ම වගේ රටේ සන්නද්ධ බුද්ධි අංශ අක්‍රිය කරලා. නිහඬ කරවලා. හිතා මතාම අක්‍රිය කරවලා. මේ මොන නිවට කමක්ද? මේකද අපි බලාපොරොත්තුවෙච්ච යහපාලනය? රටේ හදවත බඳුයි රටක බුද්ධි අංශය. ජනපති හා අගමැති ඇතුළු මේ කවුරුත් ජාතික ආරක්ෂාව පිළිබඳ මොනම ආකාරයක තැකීමක් තියෙනවාද කියලා අපි ප්‍රශ්න කරන කැමැතියි. දැන් මේ දේවල් කරන්නේ ගෙම්බෝ වගේ ඇමැතිවරු. අර ආණ්ඩුවෙත් ඉන්නවා මේ ආණ්ඩුවෙත් ඉන්නවා. ඇවිත් බක බක ගානවා”

යැයිද උන්වහන්සේ ප්‍රකාශ කළහ. එමෙන්ම දරුණු ත්‍රස්තවාදී ක්‍රියාවල සම්බන්ධ කොටි සැකකරුවන් නිදහස් කිරීම පිළිබදවද උන් වහන්සේ දැඩි විරෝධය පල කර සිටියා. පසුගිය සමයේ රටට එරෙහිව ක්‍රියාත්මක වූ කුප්‍රකට එන්.ජී.ඕ. කාක්නන් නැවතත් වැඩ අරඹා ඇති බවත් කිසිදු හින්දු පූජකවරයෙක් කොටින්ගේ නිදහස වෙනුවෙන් පෙනී නොසිටිද්දී කතෝලික පූජකයන් යැයි කියාගත් ලෝගුවට මුවා වූ කොටින් ඒ වෙනුවෙන් ඇපකැපවී වැඩකරමින් සිටින බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.  ජනපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ මොංගල් ඇමති මණ්ඩලය රට ආපස්සට ඇදගෙන යමින් සිටින බවත් පසුගිය දිනවල ඔවුන්ගේ හැසිරීමෙන්ම ඒ බව මනාව පැහැදිලී වූ බවත් උන් වහන්සේ පවසා සිටියා.

 

Related posts

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 653 දක්වා ඉහළට

colombotoday

ෆොන්සේකාට තවත් තෑගි.. එජාප කැලණිය ආසන සංවිධායකකම බාර දෙයි

colombotoday

බුද්ධිඅංශ ප්‍රධානියා ඉවත් කළොත් වාසිය කොටින්ටයි.. විදෙස්ගත දේශප්‍රේමී බලවේග ජනපතිට දන්වයි

colombotoday

කෙරවලපිටිය බලාගාරයේ 40% ක් අමෙරිකානු සමාගමකට විකුණලා ඉවරයි

colombotoday

අගමැති මුල්ගල් තියා වැඩ ඇරඹූ හොරණ ටයර් කම්හල ජනපති අනින් අත්හිටුවයි

colombotoday

ඉදිරි මාස 4ටත් කථානායක කරු !

colombotoday