Colombo Today Local News

එජාපයෙන් නාම යෝජනා නෑ… රන්ජන් ස්වාධීන වෙයි !

මීළඟ මහ මැතිවරණයේදී තමනට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදුනහොත් තමන් මැතිවරණයට ස්වාධීන තරග වදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය විසින් රාමනායක මහතාට නාමයෝජනා නොදෙන්නේ යයි පල වන වාර්තා ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

තමන්ට නාමයෝජනා නොදෙන්නේ නම් ඒ කුමන චෝදනාවක් යටතේ දැයි පැවසිය යුතු යයිද ඔහු සඳහන් කළේය.

තමන් ස්වාධීනව තරග කළ වෙනත් කිසිදු පක්ෂයකට එක් නොවන බවද කී මන්ත්‍රීවරයා ඡන්දයෙන් පරාජය වුවහොත් නැවතත් රඟපෑම සඳහා කටයුතු කරන බවද සඳහන් කළේය.

Related posts

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

“ෆෙඩරල් පාලනයක් සමග ස්වයංපාලන ඉලක්කයට අපි යනවා” – සම්බන්ධන්

colombotoday

දෙදෙනෙකු ඝාතනය කළ ගණේමුල්ල සංජීවගේ ගිනිඅවි දෙකක් සොයාගනී

Admin

මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ගැන ගත් අලුත් තීරණය වසර තුනකින් කල් දමන්නැයි ඉල්ලිමක්

Admin

“කිරිබත් වලට වඩා තෛපොංගල් බත් රසයි.. දැන් ලංකාවටම හිරු පායනවා” – අගමැති

colombotoday