Colombo Today Local News

එජාපයේ එකම නායකයා රනිල් පමණයි… අම්මලා තාත්තලාගේ නම් විකුණල පක්ෂය ඉදිරියට ගෙන යන්න බෑ – රවී

අගමැති ධුරය දැරීම සඳහා සුදුසුකම් සහිත එක්සත් ජාතික පක්ෂය තුළ සිටින එකම නායකයා වත්මන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පමණක් යැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය එජාප උප නායක රවී කරුණානායක පවසයි.

එක්සත් ජාතික පක්ෂයෙන්ම වෙනත් අගමැතිවරයෙක් පත් කිරීමට සූදානමක් ඇති බවට පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායකයා ලෙස කටයුතු කරද්දී වෙනත් කෙනෙකු පක්ෂ නායකයා ලෙස මතු කිරීම හුවා දක්වන්නේ නම් ඉදිරියේදී ඊට විරුද්දව කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කර ඇත.

‘අම්මලා තාත්තලාගේ නම් විකුණල පක්ෂය ඉදිරියට ගෙන යන්න බෑ. අපට තියෙන්නේ ප්‍රතිපත්තියක් වෙනුවෙන් දේශපාලනය කරන ගමනක්. ඒ මිසක් මූණ බලලා තමන්ගේ ආසනේවත් දිනන්න බැරි අය ලංකාවට පෙන්නන්න හදනවා දිනන්න පුළුවන් කියලා. එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ පුම්බන ගමනක් නෙවෙයි තියෙන්නේ. සෘජුව කියන්න කැමතියි අපි නිහඬව සිටින්නේ දුර්වලතා නිසා නොවෙයි. ඒ කාලය දැන් අවසන්. සද්ද නැතුව ඉන්නෙ පක්ෂ සමගිය රැකගන්න.’

Related posts

ස්වයං නිරෝධායනය වෙමින් සිටි කතක් නිවස තුලදිම මිය යයි

colombotoday

දේශපාලනය උඩු යටිකුරු වෙයි… මහින්ද නැවතත් ජනපතිවරණයට !!

colombotoday

ආමාත්‍යවරු 18ක් අද දිවුරුම් දෙයි

colombotoday

පිළිකා රෝහලට යැයි පවසමින් මුදල් රැස් කල මොහොමඩ්ගේ වංචාව එලියට

colombotoday

අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තු යන ඥානසාර හිමිගේ අතීතය

colombotoday

අර්ජුන මහේන්ද්‍රන් ගැන නීතිපති තෙවැනි වරටත් සිංගප්පුරුවට කළ දැනුම්දීම

colombotoday