Colombo Today Local News

එජාප ජනාධිපති අපේක්ෂකයා නම් කරන හැටි රනිල් කියයි…

පුළුල් බලවේග එකතු කරගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සැමට  තමා ප්‍රකාශ කළැයි ද ඒ සියළු කරණා සළකා බලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ජනපතිවරණ අපේක්ෂකයා නම් කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ අද (15) පැවැසීය.

එජාප ඡන්ද පදනම මත පමණක් ජයග්‍රහණය කිරීම අසීරුවිය හැකි බව කී අග්‍රාමාත්‍යවරයා  ජනාධිපතිවරණය ජයගැනීමට සෙසු මිතුරු බලවේගවල සහය දිනාගැනීම අනිවාර්ය බව ද සඳහන් කළේය.

 “ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ගන්නට බලාපොරොත්තු වන සියළුම අපේක්ෂකයන්ට දිනන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවැසීය.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (15) කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කළ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබේ.

එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයා කවුරුන් විය යුතුද යන්න මෙහිදී සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අවධානයට ලක්වී ඇති අතර 2015 ජනාධිපතිවරණයේ දී එකඟ වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ ජනවර්ග ප්‍රශ්නයට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් ලබා දීම යන ප්‍රධාන ඉල්ලීම් ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න ගැන ද මෙහිදී සාකච්ඡා වී තිබේ.


මෙහිදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල නා හිමියන් සඳහන් කර ඇත්තේ “මෙම ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි. කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සන්ධානය සහ වැඩපිළිවෙළ මෙහෙයවිය යුතු බවත්, එමෙන්ම ඉදිරියේ දී ගොඩනගන ආණ්ඩුවකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අත්‍යවශ්‍ය බවත් දඹර අමිල හිමියන් ප්‍රකාශ කර ඇත.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය, සුනිල් ද සිල්වා, රාජා උස්වැටකෙයියාව, ආචාර්ය ජෙහාන් පෙරේරා, ප්‍රියදර්ශනී ආරියරත්න ඇතුළු සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Related posts

පළාත් පාලන මැතිවරණය අත්හිටුවීමේ රිට් ආඥාවක් ඉල්ලා පෙත්සමක්

Admin

හෙට රජයේ නිවාඩු නෑ

colombotoday

අදත් පළාත් රැසකට තද වැසි

colombotoday

රට රැකි ආබාධිත රණවිරුවෝ මාසික ස්ථාවර දීමනාව ඉල්ලා නිහඬ විරෝධතාවයක

colombotoday

ඇමැති ගෝලය මැදිහත් වීමෙන් උපකුලපති තෝරන පරීක්‍ෂණයට විරුද්ධව ජනපතිට ලිපියක්

Admin

ඉන්දීය ගිලන් රථ සේවය හැමදාම නිකං බෑ… ගානක් අය කරගන්න වෙයි – නි. ඇමති හර්ෂ

colombotoday