Colombo Today Local News

“එපා නම් කියන්න.. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය මම පොළොන්නරුවට ගන්නවා“ – ජනපති

නව සංවර්ධන ව්‍යාපෘති හා කර්මාන්ත හම්බන්තොටට එපා කියා කැරැලි ගසනවා නම් එය පොළොන්නරුවට ගෙන යෑමට තමා සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ‘තිරසර යුගයක තෙවසරක ඇරැඹුම’ උත්සවයේදී ප්‍රකාශ කෙළේය.

රටේ යහපත සඳහා තමා තීන්දු තීරණ ගන්නා බවත් කවුරුවත් හිතන විදියට ආණ්ඩු පෙරළන්න ඉඩා නොතබන බවත් ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යන බවත් ජනපතිවරයා එහිදී පැවැසීය.

ප්‍රශ්නවලට බියෙන් පලාගිය උදවිය අද අවුල් ඇති කරන බව කී ජනාධිපතිවරයා ඊට නොරැවටී රටේ ඉදිරි ගමන සඳහා එක්වන්නැයි ඉල්ලා සිටියේය.
ආණ්ඩු පෙරළන හිස් පුහු ඝෝෂාවලට සවන් යොමු නොකරන ලෙසත් මැතිවරණ ප්‍රතිඥාවේ සඳහන් සමමුතිවාදී ආණ්ඩුවට ලක්ෂ 62ක් ජනතාව එදා ඡන්දය දුන් බවත් ජනපති මතක් කළේය.

වත්මන් ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ලේ සොලවා නැති බවත්, කිසිම මාධ්‍යවේදියකු මහපාරේ මරා දමා නැති බවත්, කිසිම මාධ්‍යවේදියකු පසුගිය දෙවසර තුළ රට හැර නොගිය බවත්, ජනාධිපති සිරිසේන මහතා පැවැසීය.

Related posts

“කැබිනට් මණ්ඩලය ෆේල්”

colombotoday

14 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්

Admin

සලිඳුට උණ්ඩියල් ක්‍රමයට රු. කෝටි 2 ක් යවන්න හැදූ සැකකරු මාට්ටු

colombotoday

ජීවත්ව සිටියදී ගින්දරට බයයි.. අමීන් උමරුල් ෆාරුක්ගේ දරුවන් ආදාහනයට විරුද්ධ වෙති.

colombotoday

සීනි වෙළෙඳාමේ අලුත්ම මගඩිය

colombotoday

අය වැය පරදවන්න රහස් මෙහෙයුමක්

colombotoday