Colombo Today Local News

එස්. බි. හා ඩිලාන්ට එරෙහිව නිදහස් පක්ෂයෙන් විනය පරීක්ෂණයක්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක සහ ඞීලාන් පෙරේරා යන මහත්වරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කලේ පක්ෂය හැර ගියා සේ සලකා විනය පරීක්ෂණයක් පවත්වන බවයි.

එස්.බී දිසානායක සහ ඞීලාන් පෙරේරා යන මහත්වරුන් ඊයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තා. ඒ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදීයි.

එස්.බී දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් ලෙසයි
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කල එස් බී දිසානායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට පසුගිය 26 වනදා පැවති මධ්‍යම කාරක සභා රැුස්වීමේ දී තීරණය කලා.

Related posts

බදියුදීන් පැය 6ක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව CIDයෙන් පිටව යයි

colombotoday

කිසිදු කොවිඩ් මර්දන එන්නතකට ‘ලැම්ඩා’ මර්දනය කළ නොහැකි

colombotoday

නැවත දැනුම්දෙන තුරු නුවර රජයේ පාසල් වසා දැමේ

colombotoday

බසයක් ලොරි‍යක ගැටී 15ක් රෝහලට… කතක් මිය යයි

Admin

සංවිධානාත්මක අපරාධකරුවෙක් STF වෙඩි පහරකින් ජීවිතක්ශයට

Admin

“13 ක්‍රියාත්මක කරන්න අයිතියක් මේ ජනවරම තුළ නෑ”

Admin