Colombo Today Local News

ඔන්ලයින් ඉඩම් ලියාපදිංචි කිරීම කඩිනම් කරන ලෙස ජනපති කියයි

ඉඩම් ලියාපදිංචියේදී සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීම සඳහා ඉ – ඉඩම් විද්‍යුත් ක්‍රමය මගින් ලියාපදිංචිය කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටින බව ජනාධිපතිවරයා පවසයි.

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉ – ඉඩම් ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉ-ඉඩම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳව ඊයේ (30)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.

ඉඩම් ලියාපදිංචිය ආශ්‍රිත ආයතන අතර ඒකාබද්ධතාවක අවශ්‍යතාව එහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා වනජීවි, වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශ ද ඒකාබද්ධව කමිටුවක් පත්කර වැඩසටහන කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

ඉ – ඉඩම් ලියාපදිංචිය යටතේ ඔප්පුව, පත්ඉරුව, පරිගණකගත කරන අතර පත්ඉරු ලබාගැනීමේදී පරිගණක මුද්‍රණයක් නිකුත් කිරීමටත්, නීතිඥවරුන්ට, නොතාරිස්වරුන්ට සහ ඕනෑම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට හෝ මාර්ගස්ත ක්‍රමයට ඉඩම් තොරතුරු ලබා ගැනීමටත් අවස්ථාව හිමි වේ.

Related posts

පුද්ගලයෙකු ඝාතනය කළ සිව්දෙනෙකුට මරණ දඬුවම

Admin

දෙවන පාසල් වාරය හෙටින් අවසන්

Admin

එක රටයි එක නීතියි හකීම් පිළිගන්නෙ නැහැ – ඊනියා සර්ව පාක්‍ෂික බයිලා කිවුවත් අද තියෙන්නෙ එ ජා පක්‍ෂයේ හා බැසිල්ගෙ පොහොට්ටුවේ ජාතික ආණ්ඩුවක්.

colombotoday

ඌව වෙල්ලස්ස සරසවි ආචාර්ය සංගමය විරෝධයක

Admin

අඩු වුණු පෙට්‍රල් වැල නව මිල මෙන්න

colombotoday

“ආණ්ඩුව කොරෝනා මර්දනය කරනවා වෙනුවට මිනිසුන් මර්දනයකරනවා.. දැන් වැඩ කරන්නේ ගොඩ වෙදාගේ තියරියටයි.”

colombotoday