Colombo Today Local News

කටාර් මුදල් ලබාගැනීම සහ ඔත්තු බැලීමේ චෝදනා – බහරේන් විපක්ෂ නායක ජීවිතාන්තය දක්වා හිරේට

බහරේන් විපක්ෂ නායක ශෙයික් අලි සල්මාන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට එරට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

ඒ ඔහු කටාර් රාජ්‍යය වෙනුවෙන් ඔත්තු බැලීම සහ කටාරයෙන් මුදල් ආධාර ලබාගැනීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙනි.

ඔහුට අමතරව ඔහුගේ පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.

ඔවුන්ට එරෙහිව ගොනුකර තිබූ එම චෝදනාවලින් ඔවුන් නිදොස් කරමින් එරට මහාධිකරණයක් ලබාදුන් තීන්දුව අවලංගු කරමින් අභියාචනාධිකරණය ලබාදුන් මෙම නව තීන්දුව යුක්තියට එරෙහි පියවරක් බවට ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම් චෝදනා කළේ ය.

Related posts

බසයකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

Admin

රතුපස්වලට අවුරුදු තුනයි.. මානව හිමිකම් කොමිසමෙන් යළිත් විමර්ශන

colombotoday

ඇමති විමල් වීරවංශ ස්වයං නිරෝධායනයට

colombotoday

තීන්දුව සූදානම්… ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කරයි…

colombotoday

රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට

Admin