Colombo Today Local News

කතානායක හා නීතිපති ජනතා පරමාධිපත්‍ය කොල්ල කමින් ඉන්නවා

වර්තමාන ආණ්ඩුව යටතේ කතානායකවරයා සහ නීතිපතිවරයා ජනතා පරමාධිපත්‍යත් සමග සෙල්ලම් කරමින් ජනතාවගේ පරම අයිතිය කොල්ල කමින් සිටින බව ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ නාරාහේන්පිට සිය කාර්යාලයේදී සිය පක්ෂ සාමාජිකයන් ඉදිරි මැතිවරණය සඳහා දැනුවත් කිරීමට පැවති රැස්වීමකදීය.

මෙහිදී අදහස් දැක්වූ ගුණරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ කතානායකවරයා විසින් මහා බැංකු වංචාවට අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමෙන් රටේ ජනතාවට නීතිපති සමග එක්ව විශාල වරදක් කරමින් සිටින බවයි.

ඒ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ මෛත්‍රී ගුණරත්න මහතා

අපි මේ මහා බැංකු වංචාව සම්බන්දයෙන් දීර්ග කාලයක සිට විශාල මතවාදයක් අරගෙන ගියා අද පත්වෙලා සිටින ආණ්ඩුවේ අය විපක්ෂය ලෙස සිටියදීද මීට විරුද්ධව විශාල හඬක් නැගුවා මහා බැංකු වංචාවට සෘජු හා වක්‍රව සම්බන්ද අය රටට හෙළි කරන්න කියලා පැහැදිලිවම මේ සියලු දෙනා කොල්ලකාලා තියෙන්නේ රටේ පොදු ජනතාවගේ සල්ලි රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලි මේ මුදල් පාලකයන්ගේ බූදලයක් නොවේ රටේ මූල්‍ය වත්කම් කතානායකවරයාට වගකීමක් තිබෙනවා ඒ වංචාවට සම්බන්ද අය රටේ ජනතාවට විශේෂයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට හෙළි කරන්න ඒක ජනතාවගේ පරම අයිතියක්,
කතානායකවරයා පාර්ලිමේන්තුව සතු බලය නීතිපතිවරයාට යටකරලා කියන්න කනගාටුයි කතානායකවරයා දන්නේ නැහැ තමන්ගේ තනතුරට ඇති බලය අපිට මතකයි මේ පාර්ලිමේන්තුවේ හිටපු අනුර බණ්ඩාරනායක වගේ කතානායකවරු අධිකරණයට පවා පාර්ලිමේන්තුවට ඇඟිලි ගහන්න දුන්නේ නැහැ ඔවුන් පාර්ලිමේන්තුව සතු උත්තරීතර බලය ආරක්ෂා කෙරුවා නමුත් අද ජයසූරිය මහත්තයා පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන් ඉදිරිපත් කල යුතු ලියවිල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නීතිපතිගෙන් අහනවා. මේවා ඇත්තට විහිලු ලෙසයි අපිට පෙන්න තියෙන්නේ.
ජනතා මුදල් බිලියන ගානක් කොල්ල කාපු හැටි හොයන්න තවත් රුපියල් මිලියන ගානක් වියදම් කරලා කොමිෂන් එකක් පත් කෙරුවා අද නීතිපති හා කතානායක රටේ හංගගෙන ඉන්නේ ඒ රුපියල් මිලියන 900කට වඩා වියදම් කරලා හදපු වෝහාරික විගණන වාර්තාව මෙය ඉතාම බරපතල තත්වයක්
මෙහිදී ගුණරතන මහතා වර්තමාන ආණ්ඩුවේ හැසිරීම පිළිබඳවද අදහස් දක්වන්නට විය.
අද මේ ආණ්ඩුවේ විපක්ෂයේ සිටියදී කියපු ගොඩක් දේවල් අමතක කරලා හැසිරෙනවා එදා විපක්ෂ නායකයා විදියට හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයා අද මුදල් ඇමති රටේ අගමැති නමුත් මහබැංකු වාර්තාව පිළිබඳව ඔහු වචනයක්වත් කතා කරන්නේ නැහැ ඇමතිවරු එහෙන් මෙහෙන් කෙඳිරිගානවා නමුත් මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා මහා බැංකු හොරුන් හෙළිදරව් කරන්න එය ඉටු කරන බවක් පෙන්න නැහැ. අද ඒ අය බලය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා 2/3 ක් නැතුව මොකුත් කරන්න බැහැ කියනවා. අපි අහනවා ජනාධිපති තුමාගෙන් මහා බැංකු වාර්තාව එලියට දාන්නත් ඔබතුමාට 2/3 ක් අවශ්‍යද කියලා අපි අහනවා ජනාධිපති තුමාගෙන් පාස්කු ප්‍රහාරයට සම්බන්ද අය අත්තඩංගුවට ගන්න තුනෙන් දෙකක් ඕනෙද කියලා මේ සියලුම දෙනා කරන්නේ බලය වෙනුවෙන් ජනප්‍රිය දේවල් කරමින් ඉන්න එක. රටේ ඇත්ත ප්‍රශ්න යට ගහනවා ජනතාව හැමදාම රවට්ටන්න බැහැ ඒ බව ඉතිහාසය විසින් ඔප්පු කරලා තියෙනවා.
යනුවෙන්ද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

Related posts

පාසල් අධ්‍යාපනයට නොමිලේ බෙදන්න නිකුත් කළ පොත් අලෙවියට තියලා

colombotoday

පින්නවල රඳවා සිටි තවත් හීලෑ අලියෙකු මුල් හිමිකරුට මුදා හරි

colombotoday

ඇණවුම් ප්‍රමාදයි… අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120ක් හිඟයි

Admin

කෘතිම සංහිඳියාවක් ඇති කරන්න ගිහින් රටේ තිබුණ සැබෑ සංහිඳියාව නැති කරා !

colombotoday

මාස 09 ට ලංකා IOC අලාභය මිලියන 650 ඉක්මවයි..

colombotoday

ආර්ථිකය ගැන අගමැතිට අවබෝධයක් නැ.. මහින්ද පැරැද්දුවා වගේ රනිල් – මෛත්‍රී එකට තියා පරද්දමු

colombotoday