Colombo Today Local News

කන්කසන්තුරයේදී පොලිස් නිලදාරියෙකුට පහරදෙයි දෙදෙනෙක් අත්අඩංගුවට

කන්කසන්තුරය, කීරීමලෙයි ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් සම්බන්ධයෙන් විමර්ශනය සදහා ගිය යාපනය, කන්කසන්තුරය පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කොට කැපුම් තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 40 ක වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (24)දින අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

කන්කසන්තුරය පොලීසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙ‍සේ අදාළ සිදුවීමෙන් තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිදුවීම සම්බන්ධයෙන් යාපනය කන්කසන්තුරය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

පාසල් දරුවන් තලාපෙළා මුදල් කොල්ල කෑමට උතුරු මැද අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙයි

colombotoday

අම්මගේ 21හැවිරිදි පෙම්වතා අවුරුදු තුනහමාරක දරුවාට පහර දී මරා දමලා

Admin

චමල්, මහින්දානන්ද, විදුර ඇතුළු පහක් ශ්‍රීලනිප සංවිධායක ධුරවලින් ඉවතට ?

colombotoday

ඩොලරය රු. 375ට නගී

colombotoday

මිලියන 80ක අබින් සහ කේරළ ගංජා පේදුරුතුඩවෙන් අල්ලයි

Admin

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් තුනක් අල්ලයි

colombotoday