Colombo Today Local NewsCovid 19

කලුතර ආසාදිතයා සමග බස් රියේ ආ අකුරැස්සේ අයකුටත් කොරෝනා

කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24වනදින සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කොරෝනා වයිරසය ආසාදනය වි ඇති කලුතර ප්‍රදේශයේ පුද්ගලයා පැමිණි බස් රථයේම පැමිණ ඇති අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකුටද කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අද(05)තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

කලුතර පුද්ගලයාට කෙරෝනා වැළඳිමෙන් පසු ඔහු සමග බස් රථයේ පැමිණි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පුද්ගලයින් පිරිසක් මාතර කඹුරුගමුව ලැබිම රෝහලට සහ කරාපිටිය රෝහලට ඊයේ (04) ඇතුලත් කර ඇත.

එහිදි කරන ලද පි.සී.ආර්.පරික්ෂණයේදි අනාවරණයවි ඇත්තේ ලැබීම රෝහලට ඇතුලත් කරන ලද අකුරැස්සේ මලිදුව පදිංචි පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාධනයවි ඇති බවයි.

ඔහු 42 දෙහැවිරිදි පුද්ගලයෙකි. රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම රෝගියා අද කොළඹ අයි.ඩී.එච්.රෝහලට යවන බවයි.

Related posts

බැදුම්කර මගඩිය ගැන සාක්කි දෙන්න අර්ජුන්, ජනපති කොමිසමට එයි !

colombotoday

ඉන්ධන පිරවුම්හලක සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ… 1500ක බළ ඇණියක් කැදවයි….

colombotoday

අනතුරක් සිදුකර පලාගිය අයෙක් අත්අඩංගුවට

Admin

“පොලීසිය කියන“ සේයා ඝාතනයේ අලුත් සැකකරුවා කියන අලුත් කතාව

colombotoday

තිස්ස කුට්ටිආරච්චි මාස හයක වැටුප පරිත්‍යාග කරයි

colombotoday