Entertainment

කවදා හරි මම බඳින්නේ නියම සිංහල කොල්ලෙක් – සෙනාලි

ෆොන්සේකා පරපුරෙන් මෑතකදී රංගනයට එකතු වූ සෙනාලී ෆොන්සේකා පළමු චිත්‍රපටයෙන්ම ජනතාවට සමීප වුණා. ඇය විදේශීය රටක ජීවත් වන නිසා නිරන්තරයෙන් රංගනය තුළ ඇයව දකින්න ලැබෙන්නේ නැහැ. සෙනාලි ලංකාවට පැමිණියා කියලා ආරංචි වුණ නිසා ඇය ගැන කතා කරන්න ඇයව එකතු කරගත්තා.

1. සෙනාලි නිවාඩුවකටද ආවේ එහෙම නැත්තම් පදිංචියටමද…..?

මේ දවස්වල මට විශ්ව විද්‍යාලයේ නිවාඩු. ඒ නිසා මට ලංකාවට එන්න හිතුණා. නිවාඩුවක් ලැබුණොත් මම කොහොමත් අම්මයි, තාත්තයි එක්ක ලංකාවට එනවා. එ්ත් තවම ලොකු කාලයක් මට ලංකාවේ ඉන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. එ් ගැන නම් මට දුකක් තියෙනවා.

2. ඒ කියන්නේ සෙනාලි පිට රට ජීවත් වුණාට ලංකාවේ පදිංචි වෙන්න කැමැතියි කියන එකද….?

ඔව්. මම එංගලන්තේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරනවා. මම ඉගෙන ගත්ත දෙයින් ලංකාවට සේවයක් කරන්න කැමැතියි. තව වසරකින් ඉගෙන ගෙන ඉවරයි. ඊට පස්සේ ලංකාවේ ජීවත් වෙන්න අදහසක් තියෙනවා.

3. නිවාඩුව ගත කරන්න ලංකාවට ආවත් එ් අතර තුර රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්නත් ඇති නේද…?

මම එංගලන්තයේ ඉන්න දවස්වල චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. මම ලංකාවට ආවට පස්සේ එ් වැඩකටයුතු ආරම්භ කරනවා කියලා අධ්‍යක්ෂක කිව්වා. මම ලංකාවට වැඩිපුරම ආවේ එ් වැඬේට සම්බන්ධ වෙන්න. එ්්ත් එ් චිත්‍රපටය කරන්නේ නැහැ කියලා දැන් කියනවා. ලංකාවට ආව නිසා මේ නිවාඩුව ගත කරලම යනවා. වෙන ආරාධනා නම් තවම ලැබුණේ නැහැ. මම එංගලන්තයේ ඉන්නකොට නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. එ්ත් එ්වා රූගත කරන්නේ මගේ අධ්‍යයන කටයුතු කාලේමයි. එ් නිසා එ්වා ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා.

4. අධ්‍යාපන කටයුතු අවසන් වෙනතුරු රඟපාන්නේ නැද්ද….?

තව අවුරුද්දක් යනකල් මට අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙන්න වෙනවා. එ් වැඩ අතපසු කරගන්න බැහැ. උපාධිය අවසන් කරගත්තාට පස්සේ මට වැඩිපුර රඟපාන්න පුළුවන්. එ් නිසා රංගනයට කාලයක් යොදවන්න අවස්ථාවක් නැහැ කියලා මට දුකක් නැහැ.

5. නිරන්තරයෙන් නොදැකීම හේතුවෙන් සෙනාලිට ප්‍රේක්ෂක ප්‍රතිචාරත් අඩු ඇති…?

මම ලංකාවේ හිටියත්, පිටරට හිටියත් ලැබෙන ප්‍රතිචාරවල නම් අඩුවක් නැහැ. හුඟක් අය මම ලංකාවට එනකල් බලාගෙන හිටියා. හුඟක් අය කතා කරනවා. චැට් කරනවා. සමහර අයගේ ගෙවල්වල එන්න ආරාධනා කරනවා. එ් ලැබෙන ප්‍රතිචාර එක්ක නම් මට හිතෙන්නේ ඉස්සර වගේම ප්‍රතිචාර ලැබෙනවා කියලයි. අවුරුද්දක් රඟපාන්නේ නැතුව හිටියා කියලා මාව ප්‍රේක්ෂකයින්ට අමතක වෙයි කියලා මම හිතන්නේ නැහැ.

6. විශේෂ ආදරයක් විඳින්න කාලය හරි නේද, සෙනාලිත් දැන් පෙම්වතියක් ද….?

විශේෂ ආදරයක් විඳින්න කාලය නම් හරි. එ්ත් එ් ආදරය විඳින්න සුදුසු කෙනෙක් තවම මට මුණ ගැසුණේ නැහැ. එහෙම කෙනෙක් මුණ ගැහුණොත් මමත් ආදරය කරයි.

7. රසිකයින්ගෙන් ආදරයට ඇරයුම් ලැබෙන්නේ නැහැ කිව්වොත් එ්ක බොරුවක් නේද….?

රසිකයින්ගෙන් ආදරයට ඇරයුම් ලැබෙනවා. එ්ත් එ් අය මට ආදරේ කරන්නේ මම රංගන ශිල්පිනියක් කියන තැන ඉඳලනේ. එ් නිසා මට එ් ආදරය පිළිගන්න අමාරුයි.

8. ඔබ රංගන ශිල්පිනියක් කියලා දැනගෙන විශ්ව විද්‍යාලයේ තරුණයින් ආදරය ඉල්ලනවා ඇති….?

විශ්ව විද්‍යාලයේ ඉන්න හුග දෙනෙක් සහෝදරයෝ වගේ ඉන්නේ. කවදාවත් එහෙම යෝජනාවක් කරලා නැහැ. අනිත් එක ඒ අය හුඟ දෙනෙක්ට පෙම්වතියන් ඉන්නවා. මම නිළියක් කියලා දන්නෙත් කිහිප දෙනයි. කොහොම වුණත් මම සුද්දෙක්ව නම් බඳින්නේ නැහැ. මම බඳින්නේ නියම සිංහල කොල්ලෙක්ව.

හර්ෂණී වීරරත්න

Related posts

අහන්න ඕනෑදේවල් ඕනෑතරම් අහලා ඉවරයි. මම කවදාවත් කසාද බඳින්නේ නැහැ – උදයන්ති

colombotoday

හොලිවුඩ් සිනමාවේ මීළග සුපිරි වීරයා – Video

colombotoday

වැල්ලවත්තේ සුපිරි නිවසකදී ශේෂාද්‍රිගේ අනියම් පෙම සැමියාට හසුවේ

colombotoday

මහින්ද, සිරිසේන, චන්ද්‍රිකා, රනිල් සෙට් එකම ඉන්න බුකිය HOT කරන අලුත්ම HITඑක (VIDEO)

colombotoday

නිලියෙක් මාධ්‍යවේදියකුගේ කන පලලා

colombotoday

කලාත්මක ඇසකින් කැමරාවෙන් ලෝකය බැලීම ජායරුපකරණයයි – ජායාරූප ශිල්පී රජිව බී කේ

colombotoday