Colombo Today Local News

කාදිනල් තුමාට එල්ලවූ වාග් ප්‍රහාරය බෝර්න් එගේන් කල්ලියේ මෙහෙයවීමක් ?

ජෝර්ජ් වෝකර් බුෂ් යනු, ඇමරිකානු දේශපාලනඥයෙක් සහ ව්‍යාපාරිකයෙක් වන අතර, 2001 සිට 2009 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ 43 වන ජනාධිපතිවරයාද 1995 සිට 2000 දක්වා ටෙක්සාස්හි 46 වන ආණ්ඩුකාරවරයා ද විය. මේ හිටපු ජනපති ජෝර්ජ් ඩබ්. බුෂ් (කනිෂ්ඨ) ප‍්‍රසිද්ධියේම තමා බෝර්න් එගේන් නිකායට අයත් බැතිමතෙක් බව ප‍්‍රකාශ කර තිබිණි. එරට ප‍්‍රධානතම එවැන්ජලිකල් දේවගැතිවරයකු වන බිලි ග‍්‍රැහැම් විසින් 1985 දී ජෝර්ජ් බුෂ් මේ නිකායට බඳවාගෙන තිබිණි. 2000 වසරේ ජනපතිවරණ සටනට අදාළව පැවැති සම්මන්ත‍්‍රණයකදී බුෂ් පවසා තිබුණේ තමාගේ එකම දාර්ශනිකයා ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ බවත් ඔහු තමාගේ හදවත වෙනස් කළ බවත් අවධාරණය කර තිබිණි. 2001 සැප්තැම්බර් ප‍්‍රහාරයෙන් පසුව බුෂ් අවධාරණය කළේ තම රටට ප‍්‍රහාර එල්ල කළ කණ්ඩායමට එරෙහිව කුරුස යුද්ධය අරඹන බවය. ඇමෙරිකානු දේශපාලනයට විශේෂයෙන් එරට ජනපති තේරීම වෙනුවෙන් විශේෂ බලපෑමක් කරනු ලබන්නේ එවැන්ජලික ආගමිකයින්ගේ ඡන්ද බව රහසක් නොවේ. වත්මන් ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තේරීපත් වීමට ද එවැන්ජලික බලපෑම බොහෝ සෙයින් ඉවහල් විය. 2006 දී කරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබුණේ ඇමෙරිකානුවන් 6% බොර්න් එගේන් නිකායට අයත් වන බවයි. මේ පිරිසේ අගය මේ වන විට වෙනස් විය හැක. ඔවුනගේ බලය ද වැඩිවී ඇත.

ඇමෙරිකාවේ එවැන්ජලික බලපෑම් ගැන සිහි කෙරුණේ මෙරට දේශපාලනයේ ද එවැන්ජලික බලපෑම් යම් ප‍්‍රමාණයකින් සිදුවන බව පැහැදිලිව පෙනී යන නිසාය. කොළඹ අගරදගුරුට එරෙහිව දේශපාලන වේදිකාවේ චෝදනා එල්ලවන්නේ මෙරට ක‍්‍රියාත්මක බෝර්න් එගේන් නිකායේ බලපෑමෙන්දැයි සැක සිතේ. අගරදගුරුට චෝදනා එල්ල කළ දේශපාලන කණ්ඩායමේ මෙරට ප‍්‍රමුඛතම එවන්ජලිකල් කණ්ඩායමක ප‍්‍රමුඛ ක‍්‍රියාකාරිකයකු ඇතුළත්ය. මන්ද ඒ දේශපාලකයාගේ පියා මෙන්ම සහෝදරයා ද ප‍්‍රකට ක‍්‍රිස්තියානි ආගමික දේශකයින්ය. මේවා සාමාන්‍ය ජනයා නොදන්නා නමුත් ප‍්‍රකට රහස් බව සටහන් කරමු. ලංකාවේ වෙසෙන එවැන්ජලික ආගමිකයින් ප‍්‍රමාණය 1% බව ප‍්‍රකාශ වුවද මෙය බොහෝදුරට තව වැඩි විය හැක. මන්ද නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි මෙරට බෝර්න් එගේන් මූලස්ථානයට ඉරිදා උදයට පිරිස් ඇදෙන්නේ සිය ගණනිනි. කතෝලික පල්ලියට සම්බන්ධ පිරිස්, විශේෂයෙන් බෝර්න් එගේන් නිකායට ආදී යෑමේ සම්භාවිතාව වැඩි නිසා සම්ප‍්‍රදායික කතෝලික පල්ලිය විසින් මේ පිරිස හඳුන්වා දී තිබුණේ මූලධර්මවාදීන් ලෙසය. වාසි සලසා දී ශ‍්‍රී ලාංකික කතෝලිකයන් සහ බෞද්ධයන් ක‍්‍රිස්තියානි ආගමට හරවා ගැනීමේ ව්‍යායාමයක ඇමෙරිකානු මූලධර්මවාදීන් යෙදී සිටින බවට ශ‍්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප‍්‍රධානී මැල්කම් රන්ජිත් කාදිනල්තුමා චෝදනා කළ බව 2012 ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ආගමික නිදහස පිළිබඳ වාර්ෂික ජාත්‍යන්තර වාර්තාවේ සඳහන්ව තිබිණි.

කෙසේ නමුත් ලංකා දේශපාලනයට එවැන්ජලිකල් බලවේග රිංගීම බරපතළ තත්ත්වයකි. මොවුන්ගේ අරමුණු ඉතා භයානකය. මෙරට බෞද්ධ පදනම ඉතා සූක්ෂම අන්දමින් බිඳ දැමීම මොවුන්ගේ ප‍්‍රධාන අභිලාෂයයි. පසුගිය ජනපතිවරණයෙදී මේ බලවේග එකමිට තබා පරාජය කිරීමට බහුතර සිංහල ජනතාවට හැකි විය. එය සිදු වූයේ ජාතියේ වාසනාවටය. එදා සෝම හිමි ප‍්‍රමුඛව තබාගෙන දේශපාලනයට පැමිණියෝ අද සිටින්නේ කවර බලවේග සමගද? මොවුන්ගේ දේශපාලනය වේගයෙන් දියවී යන බව නම් පැහැදිලිය.

මීට වසර 18කට පමණ පෙර ජනතාව බිලිවී ඇති මිථ්‍යාදෘෂ්ටික මතයන්ට එරෙහිව සෝම හිමියෝ තම ධර්ම දේශනා තුළින් ජනතාවට සත්‍යය කුමක් දැයි පැහැදිලි කර දුන්හ. එසේම ක‍්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් විවිධ වරප‍්‍රසාදයන් දෙන මුවාවෙන් මෙරට අහිංසක ජනතාව මූලධර්මවාදී ආගම්වලට බඳවා ගනිමින් මෙරට බුදු දහමට මරු පහරක් එල්ල කරමින් සිටින අයුරු හෙළි කළහ. නමුත් අද එවැන්ජලික බලවේග දේශපාලනය මෙහෙයවන ආකාරය ගැන හෙළි කරන්නට ඉදිරිපත්ව ඇත්තේ කවරෙකුද?

1962 කුමන්ත‍්‍රණය සිදු වූයේද බෞද්ධ අගමැතිනි ධුරයෙන් පහකර හැරීම වෙනුවෙනි. කුමන්ත‍්‍රණයට හවුල් වූ හැමදෙනාම පාහේ අබෞද්ධයෝ වූහ. එය විශේෂයෙන් සටහන් කළ යුතුය. කුමන්ත‍්‍රණයේ යුද හමුදා කටයුතු භාරව සිටියේ කර්නල් මොරිස් ද මෙල් සහ කර්නල් එෆ්. සී. සේරම්ය. පොලිස් කටයුතු භාර කුමන්ත‍්‍රණකරුවන් වූයේ සී. සී. දිසානායක සහ සිඞ්නි සොයිසාය. ඊට අමතරව යුද හමුදා සහ පොලිස් කටයුතු සම්බන්ධීකරණය කිරීමද සොයිසාට භාර විය. මේ අබෞද්ධයින්ගේ කුමන්ත‍්‍රණය වැළකුණේ මේ විස්තරය කාන්තාවකගේ කනට යෑම නිසාය. කුමන්ත‍්‍රණයේ ප‍්‍රධානියකු වූ නියෝජ්‍ය පොලිස්පති සී.සී. දිසානායක රජය පෙරළා දැමීමට කොළඹ නගරය භාර පොලිස් අධිකාරීව සිටි ස්ටැන්ලි සේනානායක මහතාගේ සහාය ලබාගැනීමට තැත් කළ ද ඊට තමා තුළ ඇති විරුද්ධත්වය මතු පිටින් නොපෙන්වූ සේනානායක මහතා ඒ ගැන සිය බිරිඳ වූ මායාට දැන්වීය. ඒ මොහොතේ අම්බලන්ගොඩ සිටි සිය පියාට එනම් පී. ද එස්. කුලරත්න මහතාට දුරකතනයෙන් වහාම ඒ බව දැන්වූවාය. ඒ අනුව අගමැතිනිව වහා දැනුවත් කෙරිණි. සියලූ කුමන්ත‍්‍රණකරුවන් අත්අඩංගුවට පත්විය. අද එවැන්ජලික දේශපාලන ආක‍්‍රමණය ගැන කතා කරන විට මේ කුමන්ත‍්‍රණය ගැන සිහි නොකළ සිටිය නොහැක. සියල්ල සිදුවන්නේ චක‍්‍රයක් ආකාරයෙනි.

චතුර පමුණුව

Related posts

දේශබන්දු කරූ ජයසූරියට දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමීම අද ජනාධිපති මන්දිරයේදී..

Admin

යුරෝප සංගමය තුළ LTTEය තවදුරටත් තහනම් !

colombotoday

ජනපති හා කථානායක හමුව අද සවස 5ට

colombotoday

බිත්තර අතිරික්තයක් තිබියදී බිත්තර කන්ටේනර් 6ක් ඉන්දියාවෙන් ගෙන්වයි.. දේශීය නිෂ්පාදකයාට වහ කන්න වෙයි

colombotoday

පාද යාත්‍රාව උතුවම්කන්දෙන් ගමන් අරඹයි.. කෑගල්ලේදී ගමන එක මංතීරුවකික් පමණයි.. අධිකරණ නියෝගයක් !

colombotoday

පාවහන් යුගලේ සඟවාගෙන ආ ජංගම දුරකථන 04 ක් අත්අඩංගුවට

colombotoday