Colombo Today Local News

කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරයි.

ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60 -70ක් දක්වා වැඩි විය හැකිය.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය.

ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක වන අතර, නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධනයෙන් කටයුතු කරන්නැයි ඉල්ලා සිටී.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 – 2.5ත් අතර ඉහළ යා හැකි බවත් රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ආගමික අපහාස සෙවීමට කමිටුවක් පත් කරන්න කැබිනට් අනුමැතිය

Admin

කොරෝනාවට ආයුර්වේදයේ තිබෙන බෙහෙත්

colombotoday

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

Admin

වරායේ වැඩ වර්ජනයට වුයේ කුමක්ද?

colombotoday

ෂැඩෝ කැබිනට්ටුව ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කියන කතාව

colombotoday

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Admin