World

කැතේ පැසිෆික් සේවකයින් 8500කට රැකියා අහිමි වේ

තම ගුවන් සමාගමට අයත් සමාගමක් වන කැතේ ඩ්‍රැගන් සමාගම වසා දැමීමට තීරණය කළ බව කැතේ පැසිෆික් ගුවන් සමාගම නිවේදනය කරයි.

ඒ අනුව, එහි රැකියාවේ නියුතු 8,500 දෙනෙකුට රැකියා අහිමිවන බව විදෙස් මාධ්‍ය පවසයි.

කැතේ ඩ්‍රැගන් ගුවන් යානා ප්‍රධාන වශයෙන් චීනයට සහ තවත් ආසියානු රටවල් කිහිපයකට සේවා සැපයීය.

හොං කොං හි මුලස්ථානය පිහිටි කැතේ පැසිෆික් සමාගම පවසන්නේ මව් සමාගම සතු යානා ඉන් සමහර ගමනාන්ත සඳහා යොදවන බවය.

ලොව පුරා පැතිර ඇති කොවිඩ් -19 වසංගතය හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් උග්‍ර මූල්‍ය අපහසුතාවලට පත්ව සිටී.

සේවකයින් සඳහා විශේෂ නිවාඩු ක්‍රමවේද හඳුන්වාදීම, විධායක නිලධාරීන්ගේ වැටුප් අඩුකිරීම සහ ගුවන්යානා මිලදීගැනීම පමා කිරීමෙන් වියදම් අඩුකර ගැනීමට එම සමාගම මේ වන විටත් කටයුතු කර තිබේ.

එසේම හොං කොං රජයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක මූල්‍ය ප්‍රතිපාදනයක් කැතේ සමාගමට පසුගිය ජුනි මාසයේදී ලැබුණි.

එහෙත්, එම ගුවන් සමාගම මාසිකව ඩොලර් මිලියන 60ක පාඩුවක් ලබයි.

Related posts

ඉන්දියාවේ කොරෝනා වයිරස් රෝගීන්ගෙන් 83% ක් අවුරුදු 50 ට අඩු තරුණයින්

colombotoday

ට්‍රම්ප් බයිබලයට අත තබා දිවුරයි.. ඉස්ලාම් අන්තවාදය අතුගා දමන බවට සපථ කරයි !

colombotoday

බොකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තයන් ගෝත්‍රික ගමකට පහර දෙයි. පුද්ගලයින් 81 ක් මරුට

colombotoday

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගනී

colombotoday

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ගත් නිවේදිකාවක් රුධිර කැටි ගැසී මරුට

colombotoday

ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රකාශ කිරීම අදයි

colombotoday