Colombo Today Local NewsUncategorized

කිරිපිටි, ගෑස්, පරිප්පු, කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය 11ක මිල පහලට… වී වලට සහතික මිලක්

bug 2016සම්මුතිවාදී ආණ්ඩුවේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කෙරණි. ඒ මුදල් ඇමති රවී කරුණානායක විසිනුයි. මෙවර අයවැයෙන් ජනතාවට ප්‍රතිලාබ රැසක් හිමිවන බවට මුදල් ඇමතිවරයා පවසා තිබූ අතර ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිළ පහත දැමීමට යෝජනා කර තිබේ.

ඒ අනුව පරිප්පු කිලෝවකට උපරිම රුපියල් 169ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමටත්, හාල්මැස්සන් කිලෝවකට උපරිම රුපියල් 410 සිල්ලර මිලක් නියම කිරීමටත් යෝජනා වී තිබේ.

කට්ට කරවල රුපියල් 1100ක උපරිම සිල්ලර මිලක් යටතේද, සාලයා කරවල කිලෝව රුපියල් 425ක උපරිම සිල්ලර මිලක්ද නියම කිරීමට යෝජනා කර ඇත.

කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් පහළ දමා ඇති අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර ඇත.

කඩල කිලෝවක් රුපියල් 169ක උපරිම සිල්ලර මිලක් නියම කරන බවත්, ළඳරු කිරිපිටි රුපියල් 100න් පහළ දැමීමටද මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

දේශීය කිරි නිෂ්පාදනය ඉහල නැංවීම සදහා ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් 35කින් පහළ දැමීමට යෝජනා කර ඇත.

එමෙන්ම ලොකු ලූනු සහ අර්තාපල් සඳහා අයකරනු ලබන විශේෂ බද්ද රුපියල් 25න් පහළ දැමීමටද මෙවර අයවැයෙන් යෝජනා වී ඇත.

වී වලට සහතික මිලක්, නාඩු කිලෝ එකක් සදහා රුපියල් 38ක් මේන්ම කීරි සම්බා කිලෝවක් සදහා රුපියල් 50ක මිලක් නියම කර ඇත.

මේ අතර පුද්ගලික අංශයට රුපියල් 2500ක පඩි වැඩි වීමක් යෝජනා කර ඇත.

ආනයනික බදු වලින් තොරව රත්‍රං ගෙන්වීමට බලපත්‍ර 50ක් ලබා දේ.

වසර පහක් ඇතුළත නිවාස ලක්ෂයක්.

අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් 5.41%ක්.

ධීවරයන්ට රුපියල් මිලියනයක රක්ෂණයක්.

ලංකාවටම WIFI දෙන්න මිලියන 3000ක්

ඇතුළු යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම කොටස් ගණුදෙනු බද්ද, ඉදිකිරීම් කර්මාන්ත ඇපකර බද්ද, සුඛෝපබෝගී මෝටර් රථ බද්ද, සංචාරක සංවර්ධන බද්ද, සංස්ථාපික ආදායම් බද්ද සරල කෙරේ.


18:34 – උලු කර්මාන්තය වසර තුනක් දක්වා ආදායම් බද්දෙන් නිදහස් කරනවා

18:32 – රුපියල් මිලියන 25ක වැඩි වාර්ශික ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ පහසුකම් දෙනවා. ගුවන්තොටුපොළේ VIP පහසුකම්, රජයේ ආයතනවලදී ප්‍රමුඛතාව, රජයේ උත්සව සඳහා ආරාධනය, ජනපති හා අගමැති අතර හමුවක් ලබාදෙනවා.

18:31 – පිටරටක සිට ලැබෙන ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකළ ඩොලර් ශත 9 ගාස්තුව ඩොලර් ශත 3 දක්වා අඩු කිරීමට කටයුතු කරනවා

18:27 – සූදු බද්ද වාර්ශිකව මිලියන 400ක් දක්වා වැඩිකරනවා.

18:26 – වැට් බදු නිදහස් සීමාව මිලියන 12ක් කරන අතර සිල්ලර හා තොග වෙලදාම බද්දෙන් නිදහස් කරනවා.

18:23 – උපයන විට ගෙවන බදු නොගෙවන සීමාව රුපියල් මිලියන 2.4ක් කරන අතරම ඊට වැඩි ඉපයීම් සඳහා 15%ක එකම අගයක බදු අයකරනවා.

18:22 – පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල රු. 169/- කරනවා.

18:20 – භූමිතෙල් මිල රු. 10 කින්ද අඩු කිරනවා

18:20 – ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් මිල රු. 150 කින් අඩුකරනවා

18:20 – හාල් මැස්සෝ කිලෝවක උපරිම සිල්ලර මිල 410ක් කරනවා.

18:19 – කඩල කිලෝ එක උපරිම සිල්ලර මිල රු. 169/- ලබාදීමට යෝජනා කරනවා

18:19 – කට්ට කරවල කිලෝ එක උපරිම සිල්ලර මිල 1100/- ක්ද, සාලයා කිලෝවක උපරිම සිල්ල මිල 425/- කට නියම කරනවා.

18:18 – ටින් මාලු ග්‍රෑම් 425ක ටින් එකක මිල රුපියල් 125කින් අඩුකරනවා.

18:18 – දේශීය කිරි ග්‍රෑම් 400 පැකට්ටුවක උපරිම මිල රුපියල් 295ක් කරනවා

18:17 – ලොකු ලූණු සඳහා විශේෂ වෙළදපොල බද්ධ කිලෝග්‍රෑමයට රුපියල් 25කින් අඩුකරනවා. ඒ අනුව රුපියල් 85-95ක් පමණ මිලදී ගත හැකියි.

18:16 – භාණ්ඩ 11ක මිල අඩුකිරීමට කටයුතු කරනවා. අර්තාපල් සඳහා විශේෂ වෙළදපොල බද්ධ කිලෝග්‍රෑමයට රුපියල් 25කින් අඩුකරනවා. ඒ අනුව රුපියල් 75-85ක් පමණ මිලදී ගත හැකියි.

18:10 – විගමික සේවකයන්ගේ අවම වැටුප මසකට ඇමෙරිකානු ඩොලර් 300ක් කරන ලෙසට විදේශ රුකියා ඒජන්සියට යෝජනා කරනවා.

18:08 – කැළණිවැලි දුම්රිය මාර්ග නවීකරණයට රුපියල් මිලියන 450ක් වෙන්කරනවා. කැළණි පාලම හරහා කොළඹට ප්‍රවේශ වන මාර්ගය නවීකරණයට රුපියල් මිලියන 4000ක් වෙන්කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගය දඹුල්ල, පොලොන්නරුව, මුලතිව් හරහ යාපනයට දීරඝ කරනවා. අධිවේගී මාර්ග දෙපස කර්මාන්ත ඉදිකරනවා.

18:07 – විදේශ දූත මණ්ඩල සේවයේ යෙදී පිරිසට විධිමත් පුහුණුවක් ලබාදීමටත් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ සම්පූර්ණ වියදම් රජය විසින් දැරීමට කටයුතු කරනවා.

18:04 – විශ්‍රාමික සමාජික අරමුදල් විචක්ෂණ ක්‍රියාවලිය සිදුකිරීමට ආයතනයක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා 2016 ජනවාරි මස සිට අලුතින් සේවයට බැඳෙන රජයේ නිලධාරීන්ට විශ්‍රාම වැටුප් දායකත්වයක් ලබාදීමට කටයුතු කරනවා. වෘත්තී සමිති එකඟතාව මත සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල් ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා.

18:04 – දේශීය ආයතන හා එක්ව බස්රථ නිශ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව අධ්‍යනය කිරීමට ලංකා ගමන ගමන මණ්ඩාලයට යෝජනා කරනවා.

17:59 – රජයට වාහන මිලදී ගැනීම මින් ඉදිරියට සිදු නොකරනවා. මෙහෙයුම් කල්බදු ක්‍රමයට වාහන රජයට ගන්නවා. තමන්ගේ වාහන රජයේ සේවය වෙනුවෙන් භාවිත කරන රාජය නිලධාරීන්ට මසකට රුපියල් 50000ක් දෙනවා.

17:51 – රජයේ ආයතන හා පොලීසිය ජාලගත සන්නිවේදන ක්‍රමය උපයෝගී කරමින් සම්බන්ධ කිරීමට රු. මිලියන 250 ක් ලබාදීමට කටයුතු කරනවා. ජාතික පොලිස් ඇකඩමිය මගින් රථවාහන පොලිස් නිලධාරින්ගේ තාක්ෂණික පුහුණුව වෙනුවෙන් රු. මිලියන 100 ක් ලබාදිමට කටයුතු කරනවා

17:51 – දිගන, බදුල්ල හා පුත්තමේ අභ්‍යන්තර ගුවන්තොටුපොළ තුනක් ඉදිකරනවා.

17:50 – දක්ෂිණ අධිවේගය හා කටුනායක අධිවේගී මාර්ගය කළමණාකරනයට විශේෂ ඒකකයක් පිහිටුවනවා. ඒ සඳහා ආයෝජනයට පෞද්ගලික අංශයට එක්වෙන ලෙස ආරාධනා කරනවා. නොරොච්චෝලේ බලාගාරය සුරැකුම්කිරීමට කාර්යය ඒකකයක් ස්ථාපිතකරනවා. ඒ හරහා අයිතියේ වෙනස් නොවෙනවා.

17:45 – වසර දෙකක කාලයක් කාලයක් ඇතුළත පොලිස් නිලධාරීන්ගේ වැටුප් විශමතා ඉවත්කිරීම සඳහා රුපියල් මිලියන 3000ක් වෙන්කරනවා.

17:43 – පොලිස් ස්ථාන සංඛ්‍යාව 428 සිට 600 දක්වා වර්ධනය කිරීමට රුපියල් මිලිය 1000ක් වෙන්කරවා.

17:42 – වකුගඩු රෝගයෙන් පෙළෙන ප්‍රදේශ සඳහා රුධිර කාන්දු කරණ මධ්‍යස්ථාන 1000ක් ඉදිකිරීමට රුපියල් මිලියන 6500ක්, මින්නේරියේ වකුගඩු රෝහලක් ඉදිකිරීමට රුපියල් මිලියන 2000ක්, පිළිකා රෝහල් තුනක් ඉදිකිරීමට රුපියල් මිලියන 3000ක්, කුරුණෑගල හා යාපනය රෝහල් සංවර්ධනයට රුපියල් මිලියන 3000ක්, ජංගම ආරෝග්‍ය ශාලා සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කරනවා.

17:37 – පාසල් වල භාවිත කර නැති ඉඩම් පෞද්ගලික අංශය හා එක්ව වගා කිරීමට කටයුතු කරනවා. ආදායමෙන් කොටසක් පාසල් සඳහා ලබාදිය යුතු වෙනවා.අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික ආදායෙමන් 5.51% ක් ලබා දී තිබෙනවා. අධ්‍යාපනයට මිලියන 90000ක් වෙන්කර තිබෙනවා.

17:32 – විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් ලබා ගැනීමට අවුරුදු තුනක ණයක් දෙනවා. සියලුම විශ්වවිද්‍යාල වයිෆයි කලාප බවට පත්කිරිමට රුපියල් මිලියන 300ක් වෙන්කරනවා.

17:31 – මාලඹේදී මහපොළ විශ්වවිද්‍යාලක් ආරම්භ කරනවා. එහිදී තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි, කලමණාකරණය ඇතුළු පාඨමාලා හැදෑරීමට අවස්ථාව දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 3000ක් වෙන්කරනවා.

17:29 – අයවැයෙන් උසස් අධ්‍යාපනය සඳහා කරන වියදමේ සියයට 30ක වැඩිවීමක් කර තිබෙනවා.2018 වනවිට සියලු සරසවි සිසුන් නේවාසිකාරගාර පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. විදේශ සිසුන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔවුන්ට අවශ්‍ය මූලය පහසුකම් දෙනවා.

17:28 – අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා සියලු ගුරුවරුන් සඳහා වසර 05ක පුහුණු කාලයක් ලබාදීමට කටයුතු කරනවා.දිවයිනේ සියලු පාසල්ව සනීපාරක්ෂක සේවා ලබාදීමට මිලියන 4000ක්, විදුලි පහසුකම් ලබාදීමට මිලියන 2000ක්, ප්‍රාථමික පාසල් 1000 ක් සඳහා රු. මිිලියන 1000 ක් ලබාදෙනවා. ද්වීතික පාසල් සංවර්ධනයට රුපියල් මිලියන 15000ක්, අවධානය යොමු නොවූ පාසල් සඳහා මිලියන 30000ක, වැවිලි ක්ෂේත්‍ර යේ පාසල් සඳහා මිලියන 250ක්,විද්‍යාගාර ලබාදීමට මිලියන 450ක්, දන්ත සෞඛ්‍ය නැංවිමට මිලියන 250ක්, වෙන්කරනවා.

17:20 – පෞද්ගලික අංශයේ වැටුප මාසිකව රු. 2500ක් වැඩි කිරීමට කටයුතු කරන අතර, පසුගිය අයවැයෙන් රු. 2500 ක් ලබා දුන් පෞද්ගලික අංශය සඳහා එය බලා නොපායි.

17:19 – පෞද්ගලික අංශයේ සේවකයන් සතියකට දින 05 සේවා කාලයක් ස්ථිර කරනවා. ඒ හරහා ඔවුන්ට වැඩි විවේකකා ලයක් ලැබෙන අතරම ආයතන වල පරාපාලන වියදම් අඩුවෙනවා.

17:17 – රජයේ හා පෞද්ගලික අංශ සේවකයන් සඳහා අර්ධකාලීන රැකියා ක්‍රමයක් ස්ථාපිත කරනවා

17:15 – කොටස් වෙළෙඳ පොළේ සිදුවිය හැකි දුර්වලතා මගහරවා ගැනීම සඳහා විනිමය පනත සංශෝධනනය කිරීමට කටයුතු කරනවා.

17:11 – පාසලකට ඇතුළත් වෙන සිසුන් සඳහා රුපියල් 250ක අවම වටිනාකමකින් යුත් බැංකු ගිණුමක් විවෘත කිරීමට බැංකු ආයතනය එකග වෙලා තියෙනවා.

17:05 – යතුරුපැදි හා ත්‍රිරෝද රථ තක්සේරු ගාස්තුව රුපියල් 2500ක් කිරීමට යෝජනා කරනවා. අනෙක් වාහන සදහා එම අගය රුපියල් 15000ක් වෙනවා

17:00 – දේශීය බැංකු සඳහා විදේශ වෙළදපලට ඇතුළත්වීම ශක්තිමත් කිරීමට කටයුුතු කරනවා

16:59 – බැංකුවලින් ණය ලබාදීමේදී 10%ක කෘෂි කර්මාන්තය සඳහා වෙන් කිරීමට යෝජනා කරනවා. එය මහ බැංකුව මගින් අධීක්ෂණය කරනවා.

16:55 – ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කරනවා

16:51 – ගාලු කොටුව සංවර්ධනයට මිලියන 500ක් වෙන්කරනවා

16:50 – ඇගලුම්, සපත්තු හා විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ 15ක් ආනයනයේදී බදු ඉවත්කරනවා.

16:48 – පෞද්ගලික හෝටල් ඉදිකිරීමේදී බදු සහන ලබාදෙනවා

16:47 – මේසන්, විදුලි හා ඇලුමිනියම්, වඩු වැඩ පුහුණුවන තරුණියන් 7000 කට ඒක අයෙකුට රු. 10,000 බැගින් ලබාදිම සඳහා මිලියන 500 ක් වෙන් කරනවා

16:46 – ඉදිකිරීම් සඳහා යොදා ගන්නා වානේ ආනයනයේදී අයකරන බදු ඉවත්කරනවා

16:45 – ඉදිකිරීම් සඳහා යොදාගන්නා උපකරණ ආනයන බදු ඉවත් කරනවා.

16:42 – ඉදිකිරීම් සඳහා පැමිණෙන විදේශ සමාගම් දේශීය ඉදිකිරීම් සමාගම් සමග කටයුතු කළ යුතුවෙනවා

16:41 – නිවාස දේපළ සීමා කිරීමේ නීති වර්තමානයට ගැලපෙන ලෙස වෙනස් කරනවා

16:40 – නව ග්‍රාමීය නිවාස යොජනා ක්‍රම ඉදිකිරීමට යෝජනා කරනවා. ඒ සඳහා රු. මිලියන 4500 ක් ලබාදිමට යෝජනා කරනවා. එක් නිවසකට රුපියල් ලක්ෂ තුනක අදියර ගත ණයක් දෙනවා.

16:37 – මුඩුක්කු ජනතාව ගැටලු විසඳීමට පෞද්ගලික අංශය එක්ව නිවාස 150000ක් තැනීමට කටයුතු කරනවා

16:37 – උෟණ උපයෝජිත ඉඩම් නිවාස ඉදිකිරීමට යොදාගන්නවා

16:36 – ඉඩම් සඳහා බැංකුවක් ස්ථාපිත කරනවා

16:31 – ආනයන හා අපනයන බැංකුවක් ස්ථාපිත කරන අතර ඒ සඳහා රුපියල් බිලියන 25ක අරමුදල් ලබාදෙනවා.

16:29 – අපනයන සංවර්ධන කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා

16:25 – දේශිය හා විදේශීය ආයෝජකයන් ආරක්ෂා කිරීමට නිති ගෙනෙනවා.

16:24 – දේශිය හා විදේශීය ආයෝජකයන් ආරක්ෂා කිරීමට නිති ගෙනෙනවා

16:23 – නව අපනයන යාන්ත්‍රණයක් සකස් කිරීමට ආයොජන ප්‍රවර්ධන මණ්ඩලය කටයුතු කරනවා ඉන්ධන වෙළදපොළ නිදම් කරනවා

16:22 – විදේශිකයන්ට ඉඩම් කුලීබදු පදනම යටතේදී ලබාදීමේදී අයකරන බදු ඉවත්කරනවා.

16:20 – විදේශිකයන්ට ඉඩම් කුලීබදු පදනම යටතේදී ලබාදීමේදී අයකරන බදු ඉවත්කරනවා.

16:18 – ආයෝජනය දියුණු කිරීම සඳහා ආයතනයක් ස්ථාපිත කරනවා

16:15 – 2018 රජයේ ආයතන සියල්ල ජාල ගත කිරීමට කටයුතු කරනවා.

16:13 – ධීවර හා කෘෂි කලාප බිහිකිරීමට රුපියල් මිලියන 2000ක් වෙන්කරනවා.

16:13 – රන් ආනයනයේදී බලපත්‍ර 50ක් නිකුත් කිරීමට කටයුතු කරනවා.

16:11 – විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ යෙදී සිටින්නන්ට සහන දායි ණය ලබාදෙනවා

16:11 – අලි මිිනිස් ගැටුම නිරාකරණ කිරීම සඳහා වසර-03 ක් රු. මිලියන 4000 ක් ලබාදෙනවා

16:09 – පරිසර දූෂණය වළක්වා පරිසර සමතුලිතතාව වර්ධනයටත, ජීව සම්පත් සංරක්ෂණ සඳහාත් මිලියන 2000ක් ලබාදිමට යෝජනා කරනවා

16:08 – ග්‍රාමීය ජනතාවගේ ජිවන තත්තවයට වැඩි කිරීමට පොදු පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. කෘෂි ව්‍යවසායන් පිහිටුවා ග්‍රමීය සංවර්ධනය ගමකට මිලියන 1500ක් බැගින් මිලියන 21000ක් වෙන්කරනවා.

16:06 – පුවක් නිශ්පාදනය වැඩිකර වාණිජ වශයෙන් එය නිශ්පාදනය කිරීමට කටයතු කරනවා. අපනය අරමුණ අනුව අගය එකතු කිරීමට කටයුතු කරනවා.

16:04 – පොල් නිශ්පාදනය පුනතරුත්තාපනයට රුපියල් මිලියන 250ක් වෙන්කරනවා

16:03 – තේ මිශ්‍ර කිරීමේදී අගය වැඩි කිරීමට කටයුතු කරනවා. සිලෝන් ටී (Ceylon Tea) නාමය නොවෙස්ව පවත්වාගෙන යාමට කටයුතු කරනවා.

16:00 – දේශී්‍ය කුකුළු මස් නිෂ්පාදන පුළුල් කිරීමට කටයුතු කරනවා. මැදපෙරදිග ආදී රටවල්වලට මෙන්ම නව වෙළෙඳ පොළවල් කුකුළු මස් අපනයනය කිරීමට කටයුතු කරනවා

15:57 – ධීවරයාට රුපියල් මිලියනයක ජිවිත රක්ෂණයක් ලබා දෙනවා.

15:57 – ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 325 සිට 295 දක්වා අඩු කරන අතරම දේශීය කිරි ගොවියා නගා සිටුවීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරනවා.

15:54 – පළතුරු විජලනය වැළැක්වීම සඳහා වන කර්මාන්ත සඳහා යෙදෙන ව්‍යාපාරිකයක් සඳහා යන්ත්‍ර සූත්‍ර ආනයේදී බදු වලින් නිදහස් කරනවා.

15:54 – පළතුරු විජලනය වැළැක්වීම සඳහා වන කර්මාන්ත සඳහා යෙදෙන ව්‍යාපාරිකයක් සඳහා යන්ත්‍ර සූත්‍ර ආනයේදී බදු වලින් නිදහස් කරනවා.

15:50 – කීරි සම්බා වී සඳහා රුපියල් 50ක්, සම්බා වී සඳහා රුපියල් 40ක් හා නාඩු වී සඳහා රුපියල් 38ක උපරිම මිලක් නියම කරනවා. මේ හරහා සහල් කිලෝවක් රුපියල් 65ක මිලකට ලබාගැනීමට පාරිභෝගිකයාට ලබාගත හැකිවෙනවා.

15:47 – කෘෂි අස්වනු නෙලන කාලයේදී මිල අඩුවීම වැළැක්වීම සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වෙයන් යුතු ගබඩා සකස්කරනවා

15:47 – කෘෂි අස්වනු නෙලන කාලයේදී මිල අඩුවීම වැළැක්වීම සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වෙයන් යුතු ගබඩා සකස්කරනවා

15:46 – කෘෂි උපකරණ ආනයනයේදී බදු සහන ලබාදිමට කටයුතු කරනවා

15:46 – ඌණ උපයොජන ඉඩක් පෞද්ගලික අංශයට ලබාදීවා ඒවා දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1000ක් වෙන්කරනවා.

15:44 – වියළි මිරිස්, ආර්තාපල්, ආදී කෘෂි භෝගවලින් රට ස්වයං පෝෂිත කිරීමට කටයුතු කරනවා.

15:43 – ‘සුපිරි වෙළද සැල් වලින් කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්ත කරුවන් සඳහා කුඩා ඉඩක් ලබාදෙන ලෙ ඉල්ලා සිටිනවා’

15:42 – ‘සාංගමික ව්‍යාපාර බදු අඩු කිරීමට කටයුතු කරනවා’

15:39 – ‘සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවපාරියක් සඳහා ණය ලබාගැනීමේදී අැප ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන්කරනවා’

15:37 – ‘ශුද්ධ මූල්‍ය ව්‍යාපාර පාලනයට පනතක් ඉදිරිපත් කර ඒවා පාලනය කරනවා. ශුද්ධ මූල්‍ය ආයතන වාර්ශික ගාස්තුවක් යටතේ ලියාපදිංචි කළ යුතු වෙනවා’

15:35 – ‘ආගම් හා සමාජ බාධාවලින් තොරව ශ්‍රී ලංකාවේ සියලු ජනතාවගේ අභිවෘද්ධියට කටයුතු කළ යුතුවෙනවා’

15:31 – ‘වෙළදපොළ අරමුණු කරගත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. එම ප්‍රතිපත්ති ශුනය පදනමක් මත සකස් කර තිබෙනවා’

15:29 – ‘සියලු ව්‍යාපාති ආරම්භ කිරීමට ප්‍රථම පාරිසර සහතිකයක් ලබාගැනීමට කටයුතු කළ යුතු වනවා.’

15:24 – ‘සෙමින් වැඩිවන ජනගහන වර්ධනය නිසා වයස්ගත ජනතාවගේ සංඛ්‍යාව වර්ධනය වෙනවා’

15:22 – ‘අධ්‍යාපන ක්‍රමයේ හරවත් නවීකරණ විය යුතු වෙනවා. අඩු පහසුකම් සහිත පාසල් දරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසිමට කටයුතු කරනවා’

15:19 – ‘රජයේ ණය සියයට 72ක් වෙනවා. එය ජාත්‍යන්තර පිළිගත් අගය අනුව ඉතා ඉහළ අගයක්’

15:16 – ‘විශ්‍රාම වැටප් පිරිවැය ජනතාවට දැරිය හැකි ආකාරයට සකස් කරනවා. විශ්‍රාම වැටුපේ අඩු කිරීමක් සිදුකරන්නේ නෑ. රජයට සේවකයන් බදවා ගැනීම අඩු කරන්නේ නෑ’

15:13 – ‘2016 ජනවාරි මාසයේ සිට ඒ ඒ අමාත්‍යාංශවල වෙන්කළ වියදම් කළ ආකාරය නියාමනය කරනවා’

15:08 – ‘බදු ආදායම් අඩු වි ඇති අතර ඒවා වැඩි කිරීමට කටයුතු කරනවා. බදු වලට අදාළ නීති යල්පැන ගිය ඒවා’

15:05 – ‘ගෙවීමට ඇති ණය ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා’

14:56 – විදේස් රටවල වල සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙසත් එවැනි ආයෝජන අත්‍යාවශ්‍ය බවත් මුදල් අමාත්‍යවරයා පැවැසීය.

14:55 – ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත්කිරීමට පසුගිය ආණ්ඩුවට අවස්ථාව තිබුණත් අර්බුදකාරී ආර්ථික මූලධර්ම හේතුවෙන් ව්‍යාපාරිකයන් රට හැර ගිය බවත් පැවැසීය. කෙසේ වෙතත් පසුගිය රජය යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා කීවේය. යටිතල පහසුකම් සැපයීමට වැඩි පොලී ණය ලබාගත් බවත් ඒ සඳහා ණය වාරික හා පොලී ගෙවීමට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවත් අමාත්‍යවරයා පැවැසීය. මත්තල ගුවන්තොටුපොළ මොනරුන්ට රජදහනක් බවත් හම්බන්තොට වරායෙන්ද අපෙක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බවත් ඔහු පැවැසීය.

14:49 – යුද්ධය අවසන් කළ ආරක්ෂක නිලධාරීන් හා සහාය දුන් සියලු දේශපාලඥයන් ගෞරවය පුද කළේය. සාමය රැක ගැනීම සඳහා මිත්‍ර රජයන් සමග කටයුතු කරන බවත්, ජාතික ආරක්ෂාව උදේසා නව ක්‍රියාමාර්ග ගන්නා බවත් මුදල් අමාත්‍යවරයා පැවැසීය.

14:46 – රාජපක්ෂ සමය ඉතිහාස ගත වන්නේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුනොවූ කාලසීමක් බව මුදල් අමාත්‍යවරයා පැවැසීය. ත්‍රස්තවාද අවසන් කිරීමෙන් පසුව සමෘද්ධිමත් රටක් ජනතාව බලාපොරොත්තුවුවත් ජනතාවගේ පටි ලිහිල් කිරීමට රාජපක්ෂ රජය කටයුතු නොකළ බවත් කීවේය. ආර්ථිකය දිගින් දිගටම ප්‍රපාතයකට ගිය බව ඔහු කීවේය.

14:41 – 1994 වසරේ පැවැති පොදු පෙරමුණ ආණ්ඩුව ආර්ථිකය නැංවීමට වඩා ත්‍රස්තවාදය අවසන් කිරීමට කටයුතු කළා.

14:32 – ඉඩම් නිවාස අධ්‍යාපනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවද රවී කරුණානායක මහතා පැවැසීය

14:30 – වෙළදපොල නිදහසේ ක්‍රියාත්මක වීමට ඇති බාධා ඉවත්කරන බවද මුදල් අමාත්‍යවරයා පැවැසීය.

14:27 – රජයේ අරමුණ වන්නේ සමෘද්ධිමත් රටක් ‍ගොඩනැගීම බවද මුදල් අමාත්‍යවරයා පැවැසීය.

14:22 – පසුගිය රජය සමයේ බටහිර ලෝකයේ සමග සම්බන්ධතාවය අඩු මට්ටමක පැවැති බවත්, නව රජය පත්වීමත් සමග බටහිර ලෝකයේ සම්බන්ධතා ධනාත්මක වර්ධනය කර ගැනීමට හැැකිවූ බවද ඒ මහතා එහිදි පවසා සිටියේය.

14:19 – පසුගිය මාස 10 තුළ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථිකයේ විශාල වෙනසක් සිදු වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

14:16 – මෙවර ඉදිරිපත් කරනේනේ නිදහස් ශ්‍රී ලංකාවේ 69 වැනි අයවැයයි.

14:15 – 2016 අයවැය වාර්තාව දෙවැනි වර කියවීම මුදල් අමාත්‍ය රවී කරුණායක මහතා විසින් ආරම්භ කරන ලදී

 

 

Related posts

බෙහෙත්පෙති නිපදවන කැල්සයිට් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට තීරණයක්

colombotoday

බෞද්ධ හා පාලි සරසවියේ ඉගැන්වීම් කටයුතු Online ක්‍රමයට..

Admin

ජාත්‍යන්තර බෞද්ධ ජාලයේ භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති

Admin

“රණවිරුවන්ට වින කරන අතුරුදන් පනත බල රහිත කරන්න” – ශ්‍රී ලාංකික ඩයස්පොරාව ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකල පිරිසට වැඩවරදී

Admin

යාපනයේ හින්දු කෝවිලක් හා දේව රූප කඩා විනාශ කරයි

colombotoday